
(අංජුල මහික වීරරත්න)
“සාර්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය” සහ “සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය.
සියලු ජනතාවට ප්‍රමාණවත් මෙන් ම සෞඛ්‍ය ආරක්ෂාවක් සහිත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීම මෙම මාර්ගෝපදේශ විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීමේ අරමුණ විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම වාර්තාවේ ප්‍රථම පිටපත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීය.
“සාර්ව සෞඛ්‍ය ආවරණය සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කිරීම” සහ “සෞඛ්‍ය ප්‍රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” වාර්තා එළිදැක්වීම සාර්ව සෞඛ්‍ය ආවරණ ප්‍රවේශයේ වැදගත් සන්ධිස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ ස්ත්‍රී පුරුෂ භාවයක්? එහෙම ප්‍රශ්ණයක් අපේ රටේ ඇත්තේම නෑ. ඉතා විවෘත මනසකින් ජීවත්වන ජනතාවක් ඉන්නේ... සුළු ජන කොටසක් ඇරෙන්න.