
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපනයේ තිබෙන කට පාඩම් ගිරාපෝතක ක්‍රමය ඉවත් කර රට සහ ලෝකය මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි පුරවැසියන් නිර්මාණය කරන්නට අධ්‍යාපනය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ විවාදය හරයාත්මක වීමට නම් සංකල්ප පත්‍රිකාවක් තිබිය යුතුයි.නමුත් අද මේ විවාදය පවත්වන්නේ එවන් සංකල්ප පත්‍රිකාවක් නොමැතිවයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න එය අවශ්‍යයි.
සමගි ජන බලවේගයේ අප නම් අපේ සංකල්ප පත්‍රිකාව හදලත් ඉවරයි. එය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් අප ඉදිරිපත් කළා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ යුගයේ අවශ්‍යතාවයක්. එය සිදුවිය යුතුමයි.ඕනම ක්‍රියාවලියක් අක්‍රමවත්ව ආරම්භ වුණොත් අවසානයත් ඒ තරම්ම සාර්ථක වන්නේ නැහැ.ලෝකය වෙනස් කළ හැකි හොඳම ආයුධය අධ්‍යාපනය බව නෙල්සන් මැන්ඩෙලා ප්‍රකාශ කර තිබෙනවා.අප රටේ තිබෙන්නේ යල් පැනගිය පැරණි ක්‍රමවේද අනුගමනය කරන සම්ප්‍රදායික රාමුවකට කොටුවූ කල් ඉකුත් වූ අධ්‍යාපන ක්‍රමයක්. ඒ තුළින් සිසු පරපුරට අසාධාරණයක් වෙනවා.
තාක්ෂණය, පරිගණක තාක්ෂණය අනිවාර්ය විය යුතු වගේම ඉතිහාසයත් හර විෂයක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. අධ්‍යාපනයේ ගුණාත්මක බවට එය ඉවහල් වෙනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
2025 නොවැම්බර් මස 04
344
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංකල්ප පත්‍රිකාවක් නැතුව විවාද කරන්නෙ කොහොමද?
Pradeep Thursday, 24 July 2025 03:12 PM
ඔයා ජනාධිපතිගේ කතාව ඇහුවේ නැද්ද? ඔයා නම් පිස්සු කේස් එකක්.
ලක් අම්මා Thursday, 24 July 2025 03:48 PM
පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරුව සන්කල්ප පත්‍රිකා ගැන කතාකරන ළාමක ටින් ටින්? ජපන් බාෂාවෙන් කතා කළාම ඔක්කෝම හරියයි...
අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 04:26 PM
සංකල්ප පත්‍රිකාවක් දැන් මොකටද ? ප්‍රතිසංස්කරණ යෝජනාවලියම රටට ඉදිරිපත් කරලා තියෙන කොට, ඒකේ ඇති අරමුණු සහ ඒ සදහා ක්‍රියාමාර්ග, අනික සංකල්ප පත්‍රිකාවක් දුන්නත් ඔයාට ඒක කියවලා තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ.
දොං සේතං Thursday, 24 July 2025 05:15 PM
පොලොව දෙදරන්න කතාව දෙන්නම් කියලා ලෑස්ති වෙලා ආවාම සංකල්ප පත්‍රිකාව නැතිනිසා කතාව කරගන්න බැරි වුණාම කාට වුණත්හිතේ අමාරුවක් ඇතිවෙනවා.