IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි

(සුජිත් හේවාජුලිගේ)

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී  ව්‍යවස්ථාපිත ආයතනවල  සභාපතිවරුන් සහ  අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.

රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් දැනට ඉවත්ව ගොස් ඇතත් සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.

මේ අතර අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමූපකාර සංවර්ධන කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි  මහතා එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

සභාපතිවරුන් ඉල්ලා අස්වූ ආයතන කිහිපයකට අලුත් සභාපතිවරු දැනටමත් පත් කරනු ලැබ සිටිති.



අදහස් (5)

සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි

යෝගා Saturday, 05 October 2024 06:30 AM

දක්ෂයන් තවදුරටත් තියාගෙන අදක්ෂයන් ගෙදර යවනවා මිස සියලු තනතුරු තමන්ගේ හෙන්චයියලට දීම දුර්වල නායකත්වයේ මූලික ලක්ෂණයක්. කලින් අයත් ඔය ගොබ්බ වැඩේ කලා. උනුත් එකයි මුනුත් එකයි

:       0       4

අරවින්ද මොනරවිල Saturday, 05 October 2024 07:11 AM

සංස්ථාවල සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වලට සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරනු ලබන්නේ අදාල රජයේ දේශපාලන පත්වීම් ලෙසයි. එබැවින් දැන් එම තනතුරු දරන්නේ රනිල් සහ රාජපක්ෂ යුගයේ පත්වීම් ලැබූ දූෂිත හා අකාරයක්ෂම දේශපාලුවන්ගේ අතකොළුවන්ය. ඔවුන් ඉවත් කර නව රජයේ ප්‍රතිපත්ති වැඩ පිලිවෙල ඉදිරියට ගෙන යන්න දක්ෂ කාර්යක්ෂම හා අදූෂිත පුද්ගලයින් එම තනතුරු වලට පත්කළ යුතුයි.

:       1       3

S W M I P wanninayaka Saturday, 05 October 2024 08:27 AM

මෙය සමුපකාර තුළත් ක්‍රියාත්මක කරන්න.

:       0       2

Gandhi Saturday, 05 October 2024 09:43 AM

රජය කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීලා, ජනාධිපති අමාත්‍යාංශ ලේකම්ලා කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග කාර්ය මණ්ඩල බැංකු සංස්ථා, මණ්ඩල ආදියේ සභාපතිලා ඇතුළු සියලුම කාර්ය, මණ්ඩලවල සියලු දෙනා මිස දෙතුන් දෙනෙක් නොවෙයි. මෙතෙක් කලක් රට සංවර්ධනය නොවුනේ පාර්ලිමේන්තුවේ බලය තියෙන පක්ෂයේ අයත් ජනාධිපතිත් පමණක් ආණ්ඩුව කියලා කටයුතු කළ නිසා තමයි පාර්ලිමේන්තුවේ කොටසකුත් රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා, මණ්ඩල ආදියේ විශාල පිරිසක් පස්සට ඇදීමේ විපාක නොසලකා ආණ්ඩුව අවුරුදු 76 ක් මොකක්ද කලේ ඇහුවාම හරිද?

:       0       4

ජනරළ Saturday, 05 October 2024 10:27 AM

අනිවාර්යයෙන්ම ගොඩක් සංස්ථාවලට පත් කරලා තියෙන්න ඇත්තේ මේ ලෝකේ සත පහකට වත් වැඩක් නැති පින්ගුත්තරයෝ වෙන්න නම් ඕනෑ. නම් ලැයිස්තුව පෙන්නුවා නම් හරි මිනිස්සුන්ට දැනගන්න. මේ හාදයෝ කවුද කියලා. හරියට අර සැප වාහන අරන් හිටපු සත පහකට වැඩක් නැති උපදේශක නිකම්මු වගේ. එනිසා අලුතින් පත් කරන අය අනිවාර්යයෙන්ම නියම වැඩ කාරයෝ වෙන්නම ඕනෑ. නැත්නම් ඕකම මහා හෙනයක් වෙනවා මේ ආණ්ඩුවට...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 129 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 76 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site