
(සුමිත් පොතුපිටිය)
සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලිසිය කීය.
අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණ පා ඇත.
චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පෙරවරු 9 ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයන් පිරිසක් බවද සදහන් වේ.
අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව තිබුණි .
දුම්රිය අනතුරක් සමගින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය එක් මංතීරුවක මුළුමනින්ම ඇණහිට තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස්කඩුව කියන්නෙ කොළඹට කිට්ටු කලුතර දිස්ත්‍රික්කයේ නාගරික පෙදෙසක්. එවැනි ස්ථානයකත් අනාරක්ෂිත ගේට්ටු තියෙනවා කියන කාරණය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ලැජ්ජා වෙන්න ඕන.
ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවන්න පම්පෝරි ගහන අය කරන්නේ මොනවාද? කිසිම දියුණුවක් නෑ පහසුකම් වල... ආරක්ෂාව බිංදුවයි. ටුවරිස්ට් ගයිඩ්ලා සංචාරක විදේශීය කාන්තාවන් දූෂණය කරනවා. කැමරා සල්ලි ආබරණ කොල්ල කනවා. පාරේ වාහන ගෙනියන්නේ බල්ලෝ වගේ. පුළුවන් හැම තැනින්ම ගසා කනවා. කයිවාරුව නම් අහස උසට. ආපු සංචාරකයෝ ගාණ ගණන් කරකර හිටපල්ලා.
රටේ මේ වගේ දහසක් අඩුපාඩු තියෙනවා... ඒවාගැන වගේ වගක් නැතිව පිනා සංචාරකයෝ ලක්ෂ 50ක් ගෙන එන්න කතා කරනවා මේ වගේ මරු කටකට එන්න තරම් පිස්සු හැදුණු සංචාරකයෝ ලෝකෙ දැන් නැහැ.
කෝ අපේ සංචාරක ඇමති .මට වැරදුනා .එයා දැන් ක්‍රිකට් බලන්න ඕනේ නේ.සංචාරක අඩුපාඩු බලන්න වෙලාවක් නැතිව ඇති .අනික් මහත්තයා බන්දුල .එයත් දැන් wekonomix පටන් ගෙන මෙයාලට වෙලා නැතිව ඇති
ලංකාව ගැන සුපිරි පබ්ලිසිටියක් චෙක් රිපබ්ලික් එකට දෙයි මේ සංචාරකයෝ ටික...