
(පැතුම් දර්ශන)
රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.
අද (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.
නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය කියයි.
පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන නගරයට පැමිණ යාපනයට යෑම සදහ යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී අද (31) දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.
පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිත් එකතු කරගෙන නම් තියෙන්නේ... දැන් තියෙන්නේ දෙමව්පියන්ට ඒ දරුවන්ගේ බලාපොරොත්තුව ඉටුකරලා දෙන එකයි. මට ඔහොම උත්සාහවන්ත දරුවෝ හිටියා නම් මම ඒ දේ කරනවා.
අමුම අමු මොංගල් ටෙලිනාට්‍ය බැලුවාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි හොරොව්පතාන පැත්තෙ රූපගත කරපු කතා බැලුවා හරිම සුන්දරයි ඒ කාලේ... දැන් හොරොව්පතානේ ළමයි බයිලා බලලා පිස්සු නටනවා... 1980 දශකයේ ඉපදුණු අය තමයි මට හිතෙන විදියට සැබවින්ම සුන්දර කාලයේ අවසානය ගතකළේ. ඊට පස්සෙ ඉපදුණු අය ටික්ටොක් පැළැන්තියේ අය...
මෙන්න සමාජයේ සිදුවන එහෙත් මතු නොවන සැබෑ ඛේදවාචක. මුදල් ඉපැයීම පමණක් ප්‍රමුඛකර කිසිදු හරයක් නොමැති කසි කබල් ඉන්දීය නාට්‍යවල අවසාන ප්‍රතිඵලය. මේ ළමයින්ගේ මනස කෙතරම් දූෂණය කර ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද?
මෝඩකමේ සීමාවක් තියෙන්න ඕනේ... වල් අලි හතරවටෙන්.. තමන්ගේ අධ්‍යාපනය පැත්තක තියලා මේ වගේ මෝඩ දේවල් කළාට පරිවාස භාරයේ තියන්නයි වටින්නේ. පොලිසිය මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරානම් ශිවන්‍යා බලාගන්න තිබුණා , තමන්ට ඕනෙකෙනෙක් බලාගන්න ඕනෙ නම්...නිදහස් අධ්‍යාපනයෙන් හරියට ඉගෙන ගන්න. ඊට පස්සේ ශිවන්‍යා ඔයගොල්ලන් බලන්න වුණත් එයි.
ටෙලි නාට්‍යවලින් ළමා මනස විකාර කරලා. ඒවා රස වින්දත් අසත්‍ය සහ රඟපෑම් පමණක් වග දරුවන්ට ඒත්තු ගැන්විය යුතුයි. දෙමාපියන් කකුල් පුටු උඩ තියාගෙන වැඩ පාලු කරගෙන ටෙලිනාට්‍ය නරඹනකොට ළමයින්ට සත්‍ය පහදන්නේ කොහොමද?
අඩුම තරමින් මෙහෙම දක්ෂ දරුවන්ට එම නිළියන් සමග කථාකරන්නවත් අවස්ථාවක් සලසා දුන්නොත් යහපත් වේවි...!!!
මේ තමයි බාල ඉන්දියානු ටෙලි නාට්‍ය අපේ රුපවාහිනී චැනල් වල පෙන්වන එකේ විපාක. දෙමව්පියනුත් මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ. අපේ ළමයි මේ චැනල් වල පෙන්වන දේවල් වලට ඇබ්බැහිවෙලා වෛරයෙන්, තරහින්, පලි ගැනීම් සාමාන්‍ය දේවල් විදිහට සිතා ගෙන ඉන්නේ.
ළමා ලෝකය හරිම සුන්දරයි.. මේ දරුවන් 03 දෙනාගේ උත්සාහය හොඳ ළමා කතාවකට වස්තුබීජයක් වේවි...!!! කවුරු හරි චිත්‍රපටියක් හදයිද දන්නේ නැහැ..
දෙමව්පියන් මීටවඩා සැලකිලිමත් වෙන්න ඕනේ... පව් අහිංසක ළමයි.
හත වසරේ, අට වසරේ ළමයි ඔච්චර ගොන්, සුරංගනා වැඩ කරන්නෑ. වෙන මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් නිසා පැනලා ගිහින් අහුවුණාම බොරුවක් කීවා වෙන්නත් පුළුවන්...