(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ මෙරට වරායන් ඇතුළු මහජන දේපල ලෝක බලවතුන් සහ එම රටවල්වල සමාගම් ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස සළකන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (25) පැවසීය.
කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා මෙරට දේපළ භාවිතා කරන ආකාරයෙන් ඔවුන් මෙරට යටත් විජිතයක් ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔවුන් විවිධ ව්‍යාපෘතිවලදී ගිවිසුම් කඩකරමින් කටයුතු කරන බවත් ජයගොඩ මහතා කීය.
පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු චීන සමාගමක් ලබාගත් බවත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තු සඳහා එම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවා ඇති බවත් ඒ මහතා කීය
COMMENTS
ඒකට කමක් නැහැ. මම නම් හුඟක් කැමැතියි. ඔයාට මේක කරගන්න කොහොමත් බැහැනේ.. අඩුගානේ මේකෙන් පිට වෙනකන් හරි ජීවත් වෙන්න ඕනේ... ඒක නිසා විදේශ බලවේග ඕනේ. දන්නේ නැති නම් දැනගන්න දැන්වත්... ඔබලාට හැමෝමව ඕවට රවට්ටන්න බැහැ.
ටයි එකෙන් ලක් මවගෙ ගෙල සිර කරලා තියෙන්නෙ . බටහිර ගැති දීන නායකත්වය විසින්. ඉන්දියාව ඉදිරියේ පවා දෙකට තුනට නැමි රටේ පෞරුෂත්වය එහෙම පිටින්ම විනාශ කරලා හමාරයි.
ඔහෙලාත් එක්ක එක බඩ වැල කඩා ගෙන ආපු ජේවීපී කාරයෝ දැන් මේවා ගැන වගේ වගක් නැත්තේ මොකෝ? ඒ අයට අමුල් කිරිවත් කැවිලද?
මොනවා කිව්වත් ඡන්ද දිනන්න බැරි පක්‍ෂ. ඕවා කියලා ඵලක් නෑ...!
ඒක තමයි, ගිනි තියනවා ඔක්කොම...