
(යොහාන් භාසුර)
දකුණු කොරියාවේ පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් දිනාගනිමින් අද (5) පස්වරුව වන විට සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව සිටියේය.
ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් මේ වන විට දිනාගෙන තිබේ.
ශ්‍රී ලංකා මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ ඉන් පදක්කම ද දිනාගැනීමට සමත් විය. එම කණ්ඩායමට තරුෂි කරුණාරත්න, ජයෂි උත්තරා, විනෝද් ආරියවංශ සහ ෂෙහාන් ගිලංග ඇතුළත් වූහ.
මෙහිදී තරුෂි කරුණාරත්න රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනගැනීම කැපී පෙනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනුව පැරදුන අපේ දරුවන් සියලු දෙනාටම ජයවේවා. තරඟයට සහභාගීවීමත් දිනුමක්.
සුභ පැතුම්