(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේරුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවද ප්‍රකාශ කළේය.
COMMENTS
රටේ සම්පත් විකුණන තැනට රට බංකොළොත් කරලා වගකිව යුතු අය පැත්තකට වෙලා බලන් ඉන්නවා.
ශ්රී ලංකන් නොවෙයි ශ්‍ර්‍රී ලංකා කියන්න දැනටමත් ශ්‍රී ලංකාව ඈවර කරලා වගේ තියෙන්නේ... 1969 ආරම්භ කළ තෙල් පිරිපහදුව වසා ඉවරයි. එහෙම රටට ලැබුණු කර්මාන්ත ඉවරයි (ඒවාට ජෙප්පන් වගකිව යුතුමයි..) මේ රටේ පාලකයින් හා ඉහළම නිලධාරින් ඔක්කෝමලා නිගන්ඨයින්.. ඔවුන්ට ඕනෑ කොහොමහරි එදාවේල සොයාගෙන කාලබීලා ඉන්න විතරයි. නුදුරේදීම ලංකාව තුන් ඈවරයි කියාවි...!
කිසිම මගියෙක් නිකම් යන්නේ නෑනේ. අපි අපේ ගුවන් සේවයම තෝර ගන්නේ අපේකම නිසා. පිටරටක ඉන්න රටට සැබෑ ආදරය ඇති හැම කෙනාම ඒක දන්නවා... නමුත් මොනම හරි වැරදි නිසා මේ තරම් පාඩු ලබනවා නම් කරන්න තියෙන්නේ විකුණන එක තමයි. අරගළ කරලා බොහෝම අමාරුවෙන් පත් කරගත්ත අගමැතිතුමාත් විකුනන් කන්න ජගතා නොවැ...!
ඕක ගන්න කෙනෙක් ඉන්නවද?
ශ්රී ලංකා එයාර් පමණක් නොව විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවද පුද්ගලීකරණය විය යුතුයි. ජනතාවගේ ආයතන කීවාට ඉහත ආයතනවල නිලධාරි මාෆියාව සහ සේවක මාෆියාව කර තිබෙන දූෂණ, වංචා ගැන ඔය එක වෘත්තීය සමිතියක්වත් කතාකරලා තියෙනවා ද? ඇමැතිවරයා වසර පහෙන් පහට මාරුවෙනවා. නිලධාරී මාෆියාව එකම තැන එන කෙනා අල්ලගෙන අවශ්‍ය දේ කරනවා. ඔය ඉහත ආයතන 3ම ඒවට උදාහරණ තියෙනවා. අඩු වැඩි ලෙස දෙගොල්ලන්ම කරලා තියෙන්නේ එකම දේ. නැත්නම් Ioc ලාභ ලබන්නයි, සිපෙට්කෝ පාඩු ලබන්නයි හේතු මොනවාද? සිපෙට්කෝ... නිකන් තෙල් ගහනවාද?
ශ්රී ලංකන් විකුණයිද? රටේ පුරවැසියන්ගේ ඒකමතික මතය වනුයේ අපේ බදු මුදලින් පාඩු ලබන ආයතන තවදුරටත් නඩත්තු නොකරන ලෙස නම්, රජය කළයුතු වන්නේ කුමක්ද?
ශ්‍රී ලන්කන් ප්ලේන් එකක් දැකලාවත් නැති දුප්පත් මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලිවලින් ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් දෙන්න.
රටට බරක් වෙච්චි ඔය බරබාගේ විකුණන්න බැරිනම් තෑගි දෙන්න.
ශ්‍රී ලංකන් විකුණුවත් පවතින ණය කන්ද බාර ගන්න වෙන්නේ ශ්‍රී ලංකා ජනතාවට. පාඩුව හොරාකාපු අයගෙන් අය කරගත්තොත් හොඳයි.
බදු දීලා විකුණලා... දැන් ඉතුරුවෙලා තියෙන්නේ නන්දසේනගේ පශ්චාත්භාගය විතරයි..
ඇමෙරිකාවෙන් ගෙන්නපු අරුම පුදුම ජනාධිපති...
මෙම ආයතනය විකිණීමට කිසිඳු මුදලකට බැරිබව කරුණාවෙන් සලකන්න... මගීන් ගේන්න යන බස් රථ 10ක් පමණක් ගුවන් සේවා සතුව ඇත.
එයාර් ලංකා විතරක් නෙවෙයි, මේ සමස්ත ලංකාවේම පාඩු ලබන ඔක්කොම විකුණනවා නම් හොඳයි. රාජපක්ෂ පරපුරේ විතරක් නෙවෙයි ඕවාට රිංගාගෙන ඉන්න නිලධාරීන් හැතිකරේ කළේත් හොරකම සදහටම...!
ලංකාවේ ගැහැණු ටික මැදපෙරදිගට විකුණලා හම්බකරන් කන රටේ අයට ශ්‍රී ලන්කන් එක මැදපෙරදිගට විකුණන එක මහවැඩක්ද? හොරකම් කරන්නයි, විකුණන්නයි විතරනේ මේකේ මහජාතිය කියන එවුන්ට කරන්න පුළුවන් එකම දේ. එකපාරටම විකුනපල්ලා මුළු රටම එතකොට අපිට වෙනත් රටක ජාතිකත්වයක් ලබාගෙන ලෝකයා ඉදිරියේ නම්බුකාර ලෙස ජීවත් වෙන්න පුළුවන්....
ශ්රී ලංකන් ගුවන් සමාගම බංකොළොත් වෙන තැනට වැඩ කෙරුවේත් දූෂිත පවුල් පාලනේ අයමනේ...!
මේකට මහින්දයයි, විමලයයි වගකිව යුතුමයි..
මේවා මේ විදිහට පාඩුකරපු අයට කිසිම දඬුවමක් නැහැ. පාඩුයි කියලා විකුණලා දානවා.. මේවා කරන්න රජයවල් මොකටද?
ඒක හොඳයි.. ඒක දැන් තේරුමක් නැති ගුවන් සේවයක් බවට පත්වෙලා.
වෘත්තීය සමිති හදාගෙන අසාධාරණ ඉල්ලීම් ඉල්ල ඉල්ල සාමාන්‍ය මිනිස්සු තලාපෙලා දාපු ජේවීපී කාරයින් නම් පුද්ගලීකරණය කරන්න එපා කියලා දාර්ශනික කථා කියයි. අද අපි ලෝකෙට ඩොලර් බිලියන 52ක් ණයයි. ඒ වගේම ලෝකයේ බංකොලොත් වෙලා ඉන්න රාජ්‍යයන් දෙකෙන් එකක්... රාජ්‍ය හා පුද්ගලික ආර්ථික සහයෝගීතා ව්‍යාප්තියක් මේ වෙලේ එයාර් ලංකා එකට කළයුතුමයි. ඒ විතරක් නෙවෙයි විදුලිබල හා වරාය ක්ෂේත්‍රවලටත් මෙවැනි ව්‍යාප්ති දැන්වත් රැගෙන ආ යුතුයි. නැත්තං ආයෙත් වෙන්නේ ජාතික සම්පත් විකුණනවා විකුණනවා කියලා බොරුවට කෑ ගහලා ලෝකෙන්ම හිඟාකාලා පරම්පරා ගාණකට දුක් විඳින්න...
ශ්‍රී ලංකන් ගුවන් සේවය එක එමිරේට්ස් සමග තිබුණු හවුල් ව්‍යාපාරය බිඳ දමා ශ්‍රී ලංකන් එක නැති කරේ මහින්දගේ ආණ්ඩුව. එය දේශපාලකයින් මේ රටට කල විනාශයක එක් උදාහරණයක්. අද මේ සමාගම විකුණුවත්, කිසිම ගැනුම් කරුවෙක් එහි ණය බරත් සමග මිලදී ගන්නේ නැහැ. ඔය නය බර අන්තිමට දරන්ට වෙන්නේ මේ රටේ මහජනතාවටමයි...!
ආයතනය බංකොළොත් කළ අයට ගෝල්ඩන් හෑන්ඩ්ශේක් කුමටද?
ඕවා නොවික්කොත් අපි හැම මකර කටේ...!
එයාර් ලංකා දුම්ය ඛනිජ තෙල් විදුලිබල සියල්ල පරන යකඩ ඉලට හො විකුනන්න. මෙවා හදන්න බෑ සමිති කරයොයි නිලධාරිනුයි දේශපාලකයනුයි තරගයට මෙව වනසල අවසන් ජනතාවට බර පටවල කට්ටිය සැපට ගරනව හෙට අනිද්දට මෙව විතරක් නෙවි ඇදි වතත් විකුන්නියි වෙන්නෙ.