
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් විෂයෙහි ඉටු කරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පොහෝ දින අද(13) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.
ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර අස්ගිරි විහාර වංශික මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන් ප්‍රමුඛ තේවාව භාර හිමිවරුන්ගෙ ප්‍රධානත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු තේවා කටයුතු භාර ගිහි නිලකරුවන්ගේ සහභාගිත්වයෙන් එම මංගල්‍යය සිදු කෙරුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව මේ විකාර නවත්තන්න ඕනෑ. ජයමන්ගල ගාථා පිරිත් නැවැත්තුවා වගේ.. මේවා අපිට බලන් ඉන්න අමාරුයි. සින්ගප්පූරුව, පිලිපීනය, දකුණු කොරියාව වගේ ලන්කාවත් දෙවියන් වහන්සේගේ රටක් කරමු. බුද්ධාගම නැති කරලා දාමු. මාලිමා ආණ්ඩුවට ජය...