IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ශිෂ්‍ය ණය ඇප කොන්දේසි ලිහිල් කරයි

(අංජුල මහික වීරරත්න)

පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතු ඇපකරුවන්ගේ සුදුසුකම් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල රජයේ පිළිගත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා 2017 වසරේ සිට පොලී රහිත ශිෂ්‍යණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනු ලැබ ඇත. එකී පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අනුව මේ වන විට බඳවා ගැනීම් නවයක් යටතේ සිසුන් 23,162 ක් සඳහා ප්‍රතිලාභ ලබා දී ඇති අතර, එම සිසුන් අතරින් සිසුන් 5,772 ක් මේ වන විට සිය උපාධිය හදාරා අවසන් කර තිබේ.

 එම ණය යෝජනා ක්‍රමයේ පළමු අදියරේ සිට හයවන අදියර දක්වා ඇපකරුවන් වශයෙන් සිසුන්ගේ මව/පියා හෝ භාරකරු සමඟ සමීප ඥාතියකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

එහෙත්, එම කොන්දේසි 2022 වර්ෂයේ සිට ණය ඉල්ලුම් කරනු ලබන සිසුන් විසින් පළමු ඇපකරු වශයෙන් මව/පියා හෝ භාරකරු ද, දෙවන ඇපකරු වශයෙන් බැංකුව විසින් තීරණය කරනු ලබන ආදායම් සහිත අයෙකුද ඉදිරිපත් කළ යුතු බවට සංශෝධනය කරනු ලැබ ඇත.

ඒ හේතුවෙන්, එම ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍යයෙන්ම ණය ලබා ගත යුතු සිසුන් අපහසුතාවට පත් වන බවට වාර්තා වී තිබේ. 2026 වර්ෂයේ අයවැය යෝජනා සම්බන්ධයෙන් පැවති මූලික රැස්වීමේදී එම ණය යෝජනා ක්‍රමය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාමටත්, එහිදී සිසුන්ට බාධාවක් ඇති නොවන අයුරින් ඇපකරුවන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දීමටත් පියවර ගන්නා ලෙස  ජනාධිපතිවරයා  විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමයේ 9 වන අදියරේ සිට නැවත මව / පියා හෝ භාරකරු පළමු ඇපකරු ලෙසත්, සමීප ඥාතියෙකු දෙවන ඇපකරු ලෙසත් ඉදිරිපත් කර සිසුන් වෙත ණය මුදල් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (0)

ශිෂ්‍ය ණය ඇප කොන්දේසි ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 210 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 382 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site