
(අංජුල මහික වීරරත්න)
සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් කොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ පසුගිය කාලයේ දී සිදු වී ඇති වංචා, දුෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වා ගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇතැයි රජය පවසයි.
මෙම සමාගම ආර්ථීකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වා ගෙන යාම මහජන අභිලාෂය වී තිබෙන්නේ යැයිද රජය සඳහන් කරයි.
ඒ සඳහා, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසු ගිය කාල පරිච්ඡේදයේ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදු කළ යුතුය.
එසේම, ගුවන් තොටුපොළ මෙහෙයුම සම්බන්ධයෙන් වගකීම පැවරී ඇති සීමාසහිත ගුවන්තොටු පොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත. ඒ අනුව, 2010-2025 කාල සීමාව තුළ ඉහත සඳහන් ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දුෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිකරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්. එම්. ගාමිණි විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාන්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියට බඩුම තමා...
ඔය වගේ රතු ලේබල් කන්ටේනර් 323 පන්නපු එක ගැනත් හොයන්නකෝ.