IMG-LOGO

ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන්තොටුපොළ සිට  සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 එයාර් බස් ගුවන් යානය , ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනකු රැගෙන සිංගප්පූරුව බලා අද අලුයම පිටත්ව ඇති අතර ඉන්දුනීසියා ගුවන් සීමාවේදී  මෙසේ කාර්මික දෝශයකට ලක් වී තිබේ.

එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් මෙම ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීම සදහා විමසීමක් සිදු කර තිබූ අතර , එහිදී මේ සදහා විශාල කාළයක් වැය වන බව පවසා , මෙම අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ .

ඉන් අනතුරුව මෙම ගුවන් යානයෙන් මගීන් බස්සවා , මෙම ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .

එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක් , මෙඩාන් ගුවන් තොටුපොළ වෙත යොමු කර මෙම මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට , එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .

මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර , මෙම ගුවන් මගීන් පිරිස , මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

 



අදහස් (7)

ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ

අසංක Friday, 06 June 2025 02:08 PM

එම රටේ තානාපති කැඳවා සහයෝගය නොදැක්වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන්න බැරිද?

:       2       23

Hemantha Friday, 06 June 2025 02:35 PM

අර කොළඹ කැරකුණු එකද දන්නේ නෑ.

:       4       7

raahul Friday, 06 June 2025 02:38 PM

අවුරුදු 14 ක් පරණ එයාර් බස් එකක් ගෙනත් හරියට බ්‍රෑන්ඩ් නිව් A 380 එකක් ගෙනාව වගේ ෂෝ දැම්මේ මේ ගුවන් සේවයම නේද?

:       6       13

පිටරටවැසියා Friday, 06 June 2025 03:28 PM

නලීන් බණ්ඩාරට කිව්වනං කාර්මික දෝසෙ මොකක්ද කියලා ටක්කෙටම කියයි...පුතාණෝට කිව්වනං, ඉන්දුනීසියාවට ඉංගිරිසියෙන් කතාකරල ඔක්කොම ප්‍රශ්ණ ටික විසඳලා, අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරලා දෙනවා.

:       9       8

Lalla Friday, 06 June 2025 03:55 PM

කොහෙවත් ඉන්න මිනිස්සුන්ට අපහාස කරල ප්‍රශ්න වලට විසඳුම හොයන අය කොයි පක්ෂයෙත් ඉන්න එක ඇත්ත නේද

:       1       7

Gayan Friday, 06 June 2025 03:42 PM

පුදුමයි... ලෑන්ඩ් කරන්න අවසර දුන්නා... නැතිනම් බලෙන්ම බෑවාද දන්නේ නෑ.

:       1       6

SIRI Friday, 06 June 2025 04:51 PM

නලින් බණ්ඩාර මහත්තයෝ. ඒකෙත් වයිපර් කැඩිලාද? පොඩ්ඩක් හොයලා බලන්නකෝ...!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site