
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ ක්‍රියා කිරීමේ සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය.
අත්තනෝමතිකව හා හිතුමනාපයේ ගුවන් ගමන් මෙහෙයවා රජයට පාඩුවක් කිරීම හා සභාපතිව සිටිමින් ගුවන් සේවිකාවකට විශේෂ වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි.
සැකකරුට රුපියල් මිලියන 05 බැගින් ශරිර ඇප 3ක් හා රුපියල් 50,000 මුදල් අපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විදේශගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
(ඡායා ජයමල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩුව තව වසර 10 විතර ඇදේවි එතකොට මේ මනුස්සයා ජිවතුන් අතර ඉදීවි ද නැද්ද කියල කවුද දන්නේ ? හිටියත් ඔහුට 90 පැනලා , හිර දඩුවම් නියම වුනත් බන්ධනාගාර රෝහලේ ඉදිවී
ඇති යාන්තම් අක්කටයි මස්සිනාටයි දැන් නින්ද යයි.
ඒක හොඳ වැඩක් වගේම කන්ටේනර් 323 පරීක්ෂා නොකර නිදහසේ කිරීමට මොනවද කරලා තියෙන්නේ...