
(අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඩුවම්) සඳහා සංශෝධන සඳහා පනත් කෙටුම් පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම මඟින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත මණ්ඩලයේ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කළ යුතු අතර නීති විශාරදයන් මගින් එය අනුමැතියට පෙර සලකා බැලිය යුතුයි. මේ සංශෝධන කොහෙත්ම කිසිවෙකුට පහර දීම හෝ අතතැබීමවත් තහනම් කළ යුතුයි. එමෙන්ම මෙය පාසල් තුළ ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? වේවැල තහනම්ද යන්නත් පැහැදිලි කළ යුතුයි.
පොලිසියටත් අදාලද ?