
(අංජුල මහික වීරරත්න)
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථය වේ.
ඒ අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.
මෙහිදී සමස්ත සම්මාන 14 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවේ.
COMMENTS
බොරු නම් බොරු
මේ එනවෝ .!.
ශක්තිමත් රටක් හදන්න නම් හොඳ රජයේ සේවයක්, තිබෙන්න ඕනේ මේ ඉන්න පගා ගහන, බහුතරයක් වන වංචනික රජයේ සේවකයෝ සමග ගමනක් යන්න බැහැ. මිනිස්සු 2 /3 වැඩි බලයක් දීලා තිබෙනවා. ඉදිරි මාස 9 තුළ මිනිස්සුන්ට පහසුවන ආකාරයට පනත් වෙනස් කරගෙන, රජයේ සේවය පිරිසිදු කරගන්න කටයුතු කළොත්, රජයට ගමනක් තිබේවි, නැතිනම් මිනිස්සු වෙන අතක් බලා ගනීවි...
වැඩ නැති වුණාට කයිවාරු නම් කෝටියයි...
පච මල්ල.. !
සීයාට ස්තුතිවන්ත වෙන්න, මාලිමාවුන්ට පුරසාරම් දොඩවන්න පුළුවන් ශක්තිමත් ආර්තික කතන්දර ගැන. සීයාට තව එක සැරයක් දුන්නා නම් මේ ගොන් පාට් නැතිව රට ඇත්තටම හැදෙනවා බලන්න තිබුණා. අපේ අවාසනාව තමයි.
කෝ මේ ලොන්ඩරි සර්විස් එකේ උදවිය.
අත්තටම මේ යකා හිනා වෙවී කෝම පච කියනවද කියලා. මොනවා නැතත් මේ ආණ්ඩුව පචවලින් නම් අඩුවක් නැතිව රජ වුණා. ගිනස් පොතට දාන්න පුළුවන්...