IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි

(අංජුල මහික වීරරත්න)

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන  තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.

ආරම්භක පියවරක් ලෙස රජය වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන් බව කී ජනාධිපතිවරයා  සතොස වී මිලදී ගන්නට තවත් සැලැස්මක් හැදූ බව පැවසීය.

ඕනෑ කෙනෙක් ගොවීන්ට වැඩිපුර මුදල් දී වී මිලදී ගත්තාට කමක් නැති බව කී ජනාධිපතිවරයා හැබැයි සහල් පාලන මිලට විකිණිය යුතු බව සඳහන් කළේය.

අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬා වැටෙන්න අවශ්‍ය නෑ.  මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත් වෙන්න ආණ්ඩුව ලෑස්තියි.

වී මිල බැස්සොත් අපි ගන්නවා. ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි. ආණ්ඩුව අරන් ගොඩ ගහගන්න ඕන කමක් නෑ. අපිට ඕනේ ගොවියාට සාධාරණ මිලකට වී මිල ස්ථාවරව තියන්න. ඒ සැලැස්ම සාර්ථක වෙලා තියෙන්නේ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (6)

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි

Kapila Sunday, 20 April 2025 03:40 PM

කට තමයි කට.

:       0       1

swene Sunday, 20 April 2025 03:57 PM

පෙරලුනු පැත්ත හොඳයි කියමු.

:       0       1

prasanna Sunday, 20 April 2025 04:08 PM

කයිය නායක හොඳටම ඇති! නවත්වන්න දැන්වත් ඔය බොරු පොරොන්දු. ඔබතුමා ගජබින්නාලංකාරයේ දෙවැනි කොටස ලියා ඉවර කරන්නේ කවද්ද?"

:       2       3

MD Sunday, 20 April 2025 11:46 PM

ඕක කරන්න මෙවැනි රටකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 225 යි ජනපතියි අවශ්‍යයිද?

:       2       6

Gamini Monday, 21 April 2025 10:00 AM

පච කියන දේවල් මූණෙන් බේරෙනවා

:       3       6

Vimal Monday, 21 April 2025 02:38 PM

මේ වගේ දේවල් කරන්න නායකයෝ ඕනෙද? ඕක දෙන්න පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට... කවුරු විසින් කාහට කියන ලද්දක්ද? 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 374 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 517 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 649 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 212 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1257 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 581 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site