(ඩයනා උදයංගනී)
කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
මේ වන විටත් ආසාදිතයින්ට රෝහල් ඇඳන් සහ ප්‍රතිකාර ලබාදීමේ සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බැවින් ඉදිරි සති තුනේදී සහ ඉන් පසු මරණ සංඛ්‍යාවේ ඉහළයාම් සිදුවිය හැකි බව එම සංගම් සිය ලිපියේ සඳහන් කර ඇත.
රෝගය පැතිරයාම ක්‍ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම් ද ඉදිරියේදී බරපතල ලෙස ඉහළ යනු ඇතැයි වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව වෙනුවෙන් මහාචාර්ය තමසි මකුළොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෛද්‍ය සංගම් හතරක් ජනාධිපතිට ලියයි
සිරිබිරිස් Sunday, 09 May 2021 10:53 AM
ඔය ලිපියේ කියල තියන දේවල් තේරුම් ගනීවිද කියන එකයි අපිට තියන ප්‍රශ්නේ.
තුෂාර Sunday, 09 May 2021 03:24 PM
අපරාදේ ඒ4 කොළ ටික...
jayath Monday, 10 May 2021 02:38 AM
බීරි අලියෙකුට වීනා වාදනය කිරීමෙන් පලක් නැත . එය නිෂ්පල ක්‍රියාවකි යන විදියකට ගියාවේ පරිස්සම් වී ඉදිමු - උපරිමයටම නැතිනම් වෙන්නේ කොහේ හෝ ආදාහනාගාරයක -කාත් කව් රුවත්ම නැතිව - දුම් ටිකක් වෙලා අහසට යන්න . මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන මේ වෙලාවේදී හුගක් රටවල වගේ දේශපාලකයෝ මේකට පිහිටවෙන්න නැහැ කියනඑක ' තමුන්ගේ ආරක්ෂාව තමුන්නහෙම බලා ගන්න ඕන "
එරා Monday, 10 May 2021 04:53 AM
බීරි අලියෙකුට වීනා වැයුමක්
chandana wijayasiri Monday, 10 May 2021 05:45 AM
ඔහොම නෙවෙයි කොහොම කිව්වත් රට වහන්නෙ නැ
fairoos Monday, 10 May 2021 06:53 AM
අපි තමා හොදට කරේ කියන්න එපා