IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට වසර 08 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් කෝටි 22 1/2ක දඩයක්ද විත්තිකරුවන්ට නියම කළේය.

වසර දෙකක කාලයක් තුළ කළ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17ක මුදල් මෙන්ම හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයේ නිවාස දෙකක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවාස දෙකක්, කොළඹ 07 බගතලේ පාරේ සුවිසල් නිවාස දෙකක්, කොළඹ නගරයේ තවත් නිවාස දෙකක්, අති සුඛෝපබෝභි බී.එම්.ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ ඇතුළු අධි සුඛෝපභෝගී වාහන 4ක්, කිලෝ තුන හමාරක රන් ආභරණ, විත්තිකරුවන් නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් වල තිබු මුදල් මෙන්ම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක්ද රාජසංතක කිරීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාට අමතරව මෙලෙස දඬුවම් නියම වුයේ ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශණී සහ ඔහුගේ ඥාති නැඟණියක වන වසන්ති වසුන්දරා නමැත්තියන්ටය.

2010 ජනවාරි මස පළමුවැනිදාත් 2012 අප්‍රේල් මස 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපළ උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

ඡායා ළහිරු හර්ෂණ



අදහස් (5)

වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්

රම්බොඩ Wednesday, 15 January 2025 05:31 PM

හෙරොයින් මිලිග්‍රෑම් කීපයක් ළඟ තබාගෙන සිටි කෙනෙකුට ගිය සතියේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. නිකමට වගේ මතක් වුණා ඒක. ඔළුව මඤ්ඤං වෙලා...

:       5       58

ශෂික මනෝහරWednesday, 15 January 2025 06:42 PM

මේක කුඩු නඩුවක් නොවෙයි. මුදල් විශුද්ධිකරණ නඩුවක්...!

:       2       24

Thenura DuminaWednesday, 15 January 2025 07:01 PM

"හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 1-2 ත් අතර ඇති විටෙක වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවමක් ද හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 2 ට වැඩිවන විට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම ලබාදීමට මහාධිකරණයට හැකියි." මේ යකා ගාව හෙරොයින් තිබිලා නෑනේ. ඒ නිසා දෙන්න පුළුවන් දඬුවම ඕක වෙන්නැති. ඕවාට නම් නීති වෙනස් වෙන්න ඕනෑ.

:       0       26

ලක්විදුWednesday, 15 January 2025 09:23 PM

රම්බොඩ මහතා, ඔහුට දැනටමත් කුඩු සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවෙලා තියෙන්නෙ.

:       0       1

Kamal Koyrala Wednesday, 15 January 2025 06:09 PM

පසුගිය කාලයේ බොහෝ දේවල් රාජසන්තක කළ මේ මුදල් බැර වෙන්නේ කිනම් ගිණුමකටද? සහ පවරාගත් වාහන දේපළවලට කුමක් කළේද? නොදැනුවත් කමට සහ හැමෝගේම දැනගැනීම පිණිසයි.

:       1       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 31 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site