IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


වෙඩි පහරින් මිය ගිය යාපනය සිසුන් දෙදෙනා බීමතින් සිටි කතාව බොරු

තරිදු ජයවර්ධන

පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්  දෙදෙනා වෙඩි වැදීම සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර  සිටි බවට පොලිසිය කළ චෝදනාව  අසාත්‍ය බව අනාවරණය වේ.

ඒ බව හෙළිදරව් වනුයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව  ලබාගත් සිසුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුවය.

සාදයකට ගොස් යාපනය-චුන්නාකම් මාර්ගයේ එමින් සිටිය දී යාපනය කොක්විල්හි කුලප්පිට්ටිහිදී මෙම වෙඩි තැබීම සිදුවූයේ 2015 ඔක්තෝබර 20 වැනි දා ය. පොලිසිය ඔක්තෝබර් 21 වැනි දා දවල් 1ට නිවේදනය කළේ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

ඉන් පසු මතුවූ විරෝධයෙන් පසු පරීක්ෂණ සඳහා රහස් පොලිසිය කැඳවූ අතර යාපනය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.  වෙඩි තැබීමට සැකපිට රහස් පොලිසිය විසින් පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යතුරු පැදිය ධාවනය කළ සුලක්ෂන් සිසුවා අණ නොතකා ගියැයි සහ බීමතින් ගියැයි පොලිසිය කී නිසා ඔහුට හිමි රක්ෂණයක ප්‍රතිලාභද නොලැබිණි. කෙසේ වෙතත් පොලිස් වෙඩි වැදීම සිදුවී ඇත්තේ යතුරු පැදිය ධාවනය කළ සුලක්ෂන් සිසුවාටම බව මෙම මරණ පරීක්ෂණ වාර්තාව අනුව හෙළිදරව් වෙයි.

24 හැවිරිදි විජයකුමාර් සුලක්ෂන් යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ඉගෙනුම ලබිමින් සිටියේය. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ වෛද්‍ය යූ මයුරදන් මහතාය. මරණය සිදුවන අවස්ථාවේ සුදු පැහැති ටීෂර්ටයකින් සහ කලු පැහැති සහ තද නිල් පැහැති කොට කලිසමකින් සුලක්ෂන් සිසුවා  සැරසී සිට ඇති අතර ඔහුගේ එම ඇඳුම් ලේවලින් බරිත වී තිබී ඇත.  සිසුවාගේ ආමාශයේ  ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750ක් පමණ තිබුණු බවත් මත්පැන් දක්නට නොලැබුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වේ.

සිසුන් දෙදෙනා යතුරු පැදිය නොනවත්වා ධාවනය කරද්දී වෙඩි තැබීයැයි පොලිසිය කීවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදිය පැදවූ සුලක්ෂන් සිසුවාගේ පපුවේ තණ පුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවයි. උණ්ඩය ඇතුළු වූ ස්ථානයේ සෙන්ටි මීටරයක පමණ වටප්‍රමාණයකින් යුත් සිදුරක් තිබී ඇත. ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල තුනක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් දෙකක් ක් ද පශ්තාච් මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මිය ගිය නඩරාජා කජන් නම් 24 හැවිරිදි අනිත් සිසුවාගේ මරණ පරීක්ෂණයද සිදු කරනු ලැබ ඇත්තේ වෛද්‍ය යූ මයුරදන් මහතා විසිනි. එම සිසුවා යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරමින් සිටියේය.   මරණයට පත් වන අවස්ථාවේ සිසුවා යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ කළු පැහැති ටීෂර්ටයක් සහ කළු කොට සලිසමක් ඇඳ සිට ඇත.

විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල හතක්, සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද ඔහුගේ මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ. පපුවට මෙන්ම සිසුවාගේ මොළයට ද තුවාල සිදුවී තිබේ ඇත.  මෙම සිසුවාගේ ආමාංශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබී ඇති අතර ඔහුගෙන් ද මත්පැන් ගඟ වහනය වී නැත.

 තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන් සිසුවා මිය ගොස් ඇති බවත්, රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින්   පපුවේ ප්‍රධාන රුධිර නාලවලට හානිවීම නිසා සිදුවූ රුධිර වහනයෙන් විජයකුමාර් සුලක්ෂන් සිසුවාමිය ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වේ.



අදහස් (6)

වෙඩි පහරින් මිය ගිය යාපනය සිසුන් දෙදෙනා බීමතින් සිටි කතාව බොරු

erdi Friday, 03 August 2018 06:12 PM

ජාතිය තරාතිරම නොබලා නිතිය යම්තාක්දුරට ඉටුවීම සතුටක්..

:       1       19

Chanak Los angeles Friday, 03 August 2018 10:30 PM

එදා වගේ පොලිසියට ඕන ඕන විදියට කොකා පෙන්වන්න පුළුවන් කාලයක් නොවෙයි දැන් තිබෙන්නේ කියා පොලිස් නිලධාරීන් තේරුම් ගන්න ඕනේ ..

:       37       55

Nuwan Friday, 03 August 2018 11:31 PM

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕනේ දැන්... මේ ආණ්ඩුව කරපු හොඳ වැඩක්. දැන් ඔය උතුරේ දේශපාලකයෝ මේකේ එල්ලිලා රට ගිනිතියන්න නොගත්තොත් ඇති. මොකද නීතිය හා එහි යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි.

:       48       3

jayath Saturday, 04 August 2018 07:08 AM

මේ මරණය සාධාරණීකරණය කරනවා නෙමෙයි.. නමුත් මම මීට වසර ගණනකට ඉහතදී යාපනයේදී සිදුවීම් දෙකක් දැක්කා. මෝටර් සයිකල් වල ගිය (මදාවි පෙනුමැති) තරුණයෝ හමුදා අණ නොතකා කළ අස්සෙන් රිංගලා ගියා.. ඒ මොන ගණන්කාර කමටද දන්නේ නැහැ. මේ දෙන්නත් එහෙම වුණාද කියලා අපි දන්නේ නැහැ.

:       139       107

AsankaSaturday, 04 August 2018 12:46 PM

මේ සිද්ධිය සිදුවුණු අවස්ථාවේ සියලු පත්‍ර වල පළවූ පුවත් කියවල එන්න සිංහල දන්නවා නම්.. නිකන් ගොබෙල්ස් වෙන්නේ නැතුව. වැරැද්ද කවුරු කලත් වැරැද්ද.. දරුවෝ කාගේ වුනත් දරුවෝ....

:       28       96

channa Saturday, 04 August 2018 07:52 AM

වැරැදි කරුවන්ට නිසි දඬුවම් දෙන්න.

:       28       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 716 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site