
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19) පැවසීය.
රටේ කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදි බවත් ශ්‍රී ලංකාව මේ තත්වයට වැද වැටී ඇත්තේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රේමරත්න මහතා මෙසේ පැවසූවේ සිය වාහනයට අනුරාධපුරයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
උද්දික ප්‍රේමරත්න මහතා මෙසේද පැවසීය.
මගේ වාහනයට 17 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් සිදුවුණා. සිද්ධිය ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේ සිද්ධියෙන් පසු මා ගැන සොයා බලපු සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.
මේක කළේ කවුද කියන එකට වඩා මට කියන්න තියෙන්නේ මේකයි. මම හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ. කවුරුත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපි කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදියි. ඒ නිසා තමයි මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ දෙපැත්තෙම වැරදි තියෙනවා. මේකේ නිවැරදි තැන හොයාගන්න ඕන.
වෙනස් වෙන්න ඕන තැන අපි හොයාගන්න ඕන. හොයාගෙන දෙපාර්ශවයම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ වෙනස ගේනකම් මේ රට හදන්න බැහැ. ඒ දේශපාලන පරිවර්තනය මේ රට ඉල්ලනවා. ඒ වෙනස ආදේශ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වෙනස වෙනුවෙන් අපි තරුණයන් විදිහට වැඩ කරනවා.
COMMENTS
එළාරද බං බොට වෙඩි තිබේබෙ? අනෙප් පලයන් බං දුටුගැමුනු. බොගෙම කුලීකාරයො දාලා වෙඩි තියාගෙන දැං කියනවා ක්‍රමයලු වැරදි.
වෙච්ච සිද්ධි බලනකොට අපිට හිතෙන්නේ ඔහෙම වෙඩිතියා ගත්තා කියලා.
වෙඩි කාලත් පරණ කතා
වෙනස් විය හැක්කේ NPP විසින් පමණි!!!
මෙයා ඇත්තටම දුටුගැමුණු කියල හිතපු මෝඩ මිනිස්සු ටිකක් මෙයට චන්දෙ දුන්නා . ලබන පාර එහෙම වෙන්නේ නැති නිසා මෙයා දැන් කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නයි හදන්නේ . අනේ වැඳලා කියන්නම් අනුරාධපුරේ ජනතාවනි අයිත් නම් මේ මෝඩ වැඩේ කරන්න එපා .
ඕක ඉතින් මොන්ටිසෝරි ළමයෙක් උනත් කියන, කවුරුත් දන්නා කතාවක්නේ...ඔය අහල පහල CCTV කැමරා ඇත්තෙම නැද්ද..? සැක නැද්ද කාවවත්..? ඒවල අදාළ වේදියෝ දර්ශන මැකිලද..? බලමු, පොලිසිය මොකද කරන්නේ කියලා... අපේ සමාජයේ පුස්සන්, වීරයන් කරන ක්‍රම ගැන අපි නම් දන්නවා...බලමු .. ඔහොම යංකෝ....???
වෙඩි තිබ්බේ පවතින ක්‍රමය නම් ඔතන.ඉන්න 225ටම වෙඩි තියන්න වෙයි.මුලින්.ඊට පස්සේ ඉතුරු ටික.
කතාවෙන් නොවෙයි උද්දික වෙනස් වෙන්න ඕනේ ක්‍රියාවෙන් .ඔයා තාමත් හිටගෙන ඉන්නේ හොරුත් එක්ක .පුලුවන්නම් එතනින් ගැලවිලා ඇවිල්ලා නිවැරදි තැන හිටගන්න .එතකොට අපි ඔයාව පිළිගන්නම්
ටිකක් හොයලා බලන්න ඇයි වාහනේට රියදුරෙක් නැත්තේ කියල .සමහරවිට නැති රියදුරාගේ පඩියත් ගන්නවද දන්නේ නැහැ එහෙම වැඩ වලට ටිකක් ප්‍රසිද්ද කෙනෙක් කියල ආරංචි
යකෝ මේවා අහලා වෙඩි කාලා මැරෙන්න හිනා
ඇත්තටම ජනප්‍රිය නම් කවුරුවත් වෙඩි තියන්නෙ නැහැ නේද ?
චූටි මොළෙන් පරණ තාලයේ ගේමක් ගහන්න ගිහිල්ලා මිනිහා අනාගත්තා. ඔබ නළුවෙක්ද වැඩ්ඩෙක්ද කියලා පෙන්වන්න නම් කරපු ප්‍රකාශ වල විධියට ක්‍රමය වෙනස් කරන්න මැරිච්ච පොහොට්ටුවෙන් අයින්වෙලා හරි පැත්තේ හිටගන්න.
මෙයාල තමයි දේශපාලන නොදන්නා වැඩකට නැති ගෞටාබයව දුටු ගැමුණු, පුටින්, මගදීර්, කී කුවාන් කියල වර්ණනා කරලා බලයට ගෙනල්ල රට නැත්තටම නැති කරලා, දැන් කියනව පවතින ක්‍රමය වෙනස් කරන්න ඕනලු.
මාර වැඩේ, පව් ඔයා අලුවිහාරෙ මහත්තයා....... ඕක බන්ඩගෙ වැඩක් වෙන්න බැරිද?
හෙළිකරන්න දෙයක් නැහැ ඒ වෙඩි තිබ්බේ එකම ගෝලයෝ ලැයිස්තුවලට මාරු කරකර පොඩ්ඩන්ට ලැබෙන චන්ද වලින් ලයිස්තුවේ උඩ ඉඳන් උන් පාර්ලිමේන්තු ගෙන්න ගෙන එකාගෙයි දිග කමින් රටේ පාලන බලය අල්ලාගෙන රජකරන උන් බව අපි දන්නවා
pj ජනප්‍රිය වෙන්න කෙසේවෙතත් පහුගිය දවස්වල ප්‍රසිද්ධ පාවහන් නිෂ්පාදන ආයතනයක අයිතිකාරයෙක් තමන්ගේම මිනිස්සු දාගෙන ගේට්ටුවට වෙඩි තියවාගෙන තිබුණා. පොලිසිය හොයාගෙන තිබුණේ. ඒව එහෙමම යට යන්න ඇති රටේ විදියට.... මේක එහෙම වෙන්නත් පුළුවන්...!
වෙඩිතියපු අයම ගෝලයින් දම්මලා ප්‍රතිචාර දානවා වෙන්න බැරිද?
මෙයා බයවෙලා තියනවා. තමන්ම වෙඩි තියාගෙන පැමිණිල්ලක් දාපු වන්ගුව මාට්ටු වෙලා ඇතුළට රින්ගන්න වේවි කියලා... ඒකයි මෙයා දැන් කියන්නේ ' පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ' කියලා
නූතන යුගයේ කැකිල්ලේ තීන්දුව. "වෙඩි තිබ්බ එකාව නෙවෙයි පවතින ක්‍රමය අත් අඩංගුවට ගන්න." ඇත්තටම කැකිල්ලේ රජ්ජුරුවන් කියලා කෙනෙක් හිටියද නැද්ද කියලා යන්තම් තිබුණු සාංකාවත් නැතිවුණා. දැන් පිළිගන්නවා එහෙම කෙනෙක් හිටපු බවත් එයා 20වෙනි සියවසේ අග භාගයේ ආපහු රජරට ඉපදිලා පරණ පුරුද්දට රටට නායකත්වය දෙන්න අළුත් කාලයේ රට කරවන තැනට ඇවිත් කියලා. හැබැයි ඉතින් අපි රටවැසියන් හැටියට පරණ කතාවෙන් පාඩමක් ඉගෙන ගෙන කැකිල්ලේ 2.0ට ආයේ නායකයෙක් වෙලා ගොන් තීන්දු දෙන්න ඉඩ තියන්න හොඳ නෑ.