IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


විරෝධතාකරුවන් දෙදෙනකුගේ පෙත්සමට රනිල් වගඋත්තරකරුවකු කරන්න අවසර

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන්ට අවහිරවන පරිදි වාහන නවත්වා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගැනීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විරෝධතාකරුවන් දෙදෙනකු ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබාදුන්නේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (13) යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවුණු අවස්ථාවේදී පෙත්සම්කරුවන් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය එයට ඉඩ ලබා දුන්නේය.

බුවනෙක අලුවිහාරේ, මෘදු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (13) කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

නිතීඥ ශානක සිල්වා, නිතීඥ සුනිල් වටගල යන මහත්වරුන් සහ සමාජවාදී තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක එරංග ගුණසේකර මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යන මහත්වරුන්ය.

ඒ අනුව මෙම පෙත්සමේ නව වගඋත්තරකරුවකු වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන ලෙසට පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලීය.

අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන්ට හිරිහැර වන ආකාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරිම වලකාලමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, අරලියගහ මන්දිරය අසල පදික වේදිකාවේ නවතා ඇති වාහන සහ මාර්ගබාධක ඉවත් කිරීම සදහා පොලීසියට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

විරෝධතාකරුවන් දෙදෙනකුගේ පෙත්සමට රනිල් වගඋත්තරකරුවකු කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 369 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site