(විමුක්ති එස් රුද්‍රිගු)
අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකාවක වන ට්‍රොන්ග් මි ලාන්ට වියට්නාම අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇත.
වියට්නාමයේ හෝ චි මින් සිටි නගරයේ පිහිටි අධිකරණයක මසක් පුරාවට මෙම නඩුව විභාග වූ අතර එහිදී ඉහත චෝදනාවලට මි ලාන් වැරදිකාරිය වූවාය.
වංචා කිරීමේ චෝදනාව සඳහා මි ලාන්ට මරණීය දණ්ඩනය නියම වූ අතර ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක් වැනි විශාල මුදලක් වංචා කර තිබීම එයට හේතුව විය.
මි ලාන් සභාපති ධූරය දරන වෑන් තින් පැට් සමූහ ව්‍යාපාරය ෂෙල් සමාගම් සහ සගයන්ගේ උදව්වෙන් වියට්නාම එස්.සී.බී බැංකුවෙන් ඇමෙරිරිකානු ඩොලර් බිලියන 12.5 ක් වූ එම මුදල වංචා කර තිබිණි.
මි ලාන් මුදල් වංචා කළ එස්.සී.බී බැංකුවද 2012 වසරේ සිට තින් පැට් සමූහ ව්‍යාපාරය පාලනය කළේය. වසර දහයකට වැඩි කාලයක් මි ලාන් සභාපතිත්වය දැරූ තින් පැට් සමූහ ව්‍යාපාරය ව්‍යාජ ණය අයැදුම්පත් සඳහා අනුමැතිය ලබා ගනිමින් මෙම මුදල් වංචා කර ඇති බවත් වංචා කරමින් එලෙස ලබාගත් මුදල් සමූහ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළිවිය. එලෙස වංචා කළ මුදලට පොලියත් එකතු කළහොත් වංචා කළ මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩිවන බවත් එය වියට්නාමයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.69 ක් බවත් අධිකරණයේ කරුණු දක්වමින් රජයේ නීතිඥවරු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේත් හංගලා, යට ගහලා තිබෙන නඩු ළඟදීම එළියට ඇදෙනවා. එදාට රට කාපු හොරු, මිනීමරුවෝ කී දෙනෙක් එල්ලුම් ගස් යයිද කියලා රටේ ජනතාව බලාගෙන ඉන්නවා...!
වියට්නාමයේ වගේ වේගවත් ආර්ථික වර්ධනයක් සහ සංවර්ධන වැඩ සටහනක් මෙන්ම දූෂණයට හා වංචා වලට දැඩි දඬුවම් දෙන නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ලංකාවටත් අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව නිවැරැදි තීන්දුවක් ගතහොත් ඒ වාසනාව ලක්වැසියන්ටත් හිමිවනු ඇත.
ලංකාවේ මේ වගේ නඩුත් වියට්නාම විනිසුරු ලවා අහන්න බැරිද..?
ලංකාවේ වගේමයි හොර බොරු වංචා කරෝතින් එහෙම ඉවරටේම ඉවරයි... නඩු දැම්මොත් එහෙම ලංකාවේ ඉතුරු වෙන්නේ සුපිරිසිදු පාලිමේන්තුව හා කොටස් වෙළෙඳපොල සුපිරි බිස්නස් කාරයින් ටික විතරයි.
වියට්නාමය කොච්චර දියුණු රටක්ද? ඒ රට ඔයතරම් දියුණු වෙලා තියෙන්නේ වැරැදි කරන අයට නිසි දඬුවම් කරන නිසයි. ඒ රටේ මිනිස්සු වැරැදි කරන්න බයයි.
ගෑනු කොහොමත් වංචාවන්ට, අනුන් රවටන්න එහෙම දක්ෂයි. උත්පත්තියෙන් එන දක්ෂකමක් ඒක...
වියට්නාමෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ නෑමයි...
හොරකමට, අල්ලසට එදා නැති රටවල් අද දියුණු වෙලා. අපේ රටේ හරියට මේවගේ දඬුවම් ක්‍රියාත්මක වෙලා තිබුණා නම් රට විනාශ කරන පාලකයෝ බිහිවෙන්නේ නැහැ.
මැදමුලන පරම්පරාවටත් මෙය හොඳ ආදර්ශයක්...
දෙවියන්ට පින් සිද්ද වෙන්න ලංකාවේ අපිට ඒ වගේ සාධාරණයක් නැහැ .මොකද අපි එහෙම උනොත්, විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ කිසිම දේශපාලකයෙක් ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ.
අ[පෙ රටේ බැංකු හොරු ජනාධිපතිලා වෙනවා .ජනාධිපතිගේ යාලුවා මහේන්ද්‍රන් සිංගප්පූරු වල සුරසැප විඳිනවා
අපේ මහ බැංකුවේ කට්ටිය හිටියානම්? දෙයියෝ සාක්කි.
නියමයි. අපේ මහ බැංකු කොල්ලකරුවන්ට දුන්න දඬුවම වගේමයි
වියට්නාමයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ තක්කඩි හිරේ යන්නේ නෑ. ඔවුන්ට නඩු දාන්නෙත් නෑ.
මරණ දඬුවම දුන්නම මුදල් කවුද ගෙවන්නේ .පාඩුව රජයට දරාගන්න වේවි .මුදල් අය කර ගැනීමේ ක්‍රමයකට ගියානම් වටිනවා