(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදී ඇත.

අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේදීම ලබාදීමට පියවර ගැනිණි.