( රංජන් කස්තුරි )
ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනතා සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මේ මස 8 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.
මීට අමතරව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ කරන සියලු රාජකාරී වලින් ඉවත් වීමටද සංගමය දැනටමත් පියවර ගෙන ඇතැයි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ දිගු කාලීන ජනතා සැලැස්මට බාධා කරමින් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්න හොත් ඉදිරියේදී වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම සංගමය පවසයි.
COMMENTS
අද රටේ පවතින බොහෝ අකුරට වැඩ සහ වැඩ වර්ජන වලට මුල, රජය තීරණ ගැනීමේදී වැනෙන සුළු වීමත්, ස්ථාවරයක් නැති වීමත්ය. උදාහරණයක් ලෙස, රටේ පුද්ගලික විශ්ව විද්‍යාල පිළිබද ප්‍රශ්නය මෙතෙක් දිග්ගැස්සී ඇත්තේ රජය දැඩි ස්ථාවරයක සිට ඒ පිලිබඳ තීරණයක් නොගැනීම නිසයි. අද රජය කරන්නේ හැම දෙනාට සවන් දෙනවාය කියමින් ප්‍රශ්න විසදීම සඳහා කල් මැරීමයි. අවසානයේ මේ සියල්ලෙන් බැට කන්නේ සාමාන්‍ය මහජනයයි.
අගක් මුලක් නැතිව ඕනෑවට එපාවට කරනවට වඩා අකුරටම වැඩකරන එක කොයි තරම් හොඳ දෙයක්ද?
ඉංජිනේරුවන්ට තියෙන්නේ තමන්ට පැවරිලා තියෙන රාජකාරිය කරන්න. එයාලට තියෙන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. රජයේ කාර්යභාරය තමයි ප්‍රතිපත්ති හදන එක. ඉංජිනේරුවෝ කියන්නේ රජයේ සේවකයෝ එයාලට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න නමුත් ඒවා අනිවාර්යයෙන් පිළිගන්න කියල බලකරන්න බැහැ.
ඉංජිනේරුවෝ විදුලි ඉල්ලුමට සැපයුම ලබාදෙන්න සැලසුම් හැදුවාම මෙම කොමිසම ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. අන්තිමට ලයිට් කපන්න වෙනවා. වැඩි ගාණට විදුලිය ගන්න වෙනවා. කොමිසමේ ඉන්නේ පරිපාලන සේවයේ අය.. එයාලා නෑ බෑ කියාගත්ත ගමන්...