IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි

(යොහාන් භාසුර)

විද්‍යාපිඨ තුලින් දෙන  ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන ගුරුවරුන් බිහිකරන මෙරට  විද්‍යාපිඨ පද්ධතිය තුළ ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය එම පීඨයේ පැවැත්වූ "පුළතිසිය තරුණයි" සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙ⁣නෙවිය එසේ සඳහන් කළාය.

අපේ රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. රට තුළ ඇතිකළ යුතු පරිවර්තනය සිදු කරන්න නම් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු විය යුතු බව රජය අවබෝධ කරගෙන තිබෙනවා.

2026 කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්ලාස්ටර් ගසා, තියන එක ඇදගෙන යන ක්‍රමයක් නොව එය ගුණාත්මක හා මානුෂීය මෙන්ම නවීන ලෝකය ජයගත හැකි පුද්ගලයෙක් බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් බව ද අගමැතිනිය සඳහන් කළාය.

පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ ලාංඡනය සහිත සමරු ඵලකය නිරාවරණය කිරීම හා විද්‍යාපිඨ පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කළ අතර 2000 වසරේ සිට 2025 දක්වා කාලය තුල එහි සේවය කළ පිඨාධිපතිවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරිණ. 



අදහස් (1)

විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි

kamani Saturday, 15 February 2025 03:43 PM

ඒක තමයි යල් පැනගිය මතවල ඉඳගෙන සමහරු දරුවන්ව මානසික අපයෝජනයට ලක් කරන්නේ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site