
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද (28) වන විට මාතර දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබුණි.
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ එලියකන්දේ කොටසක් නාය යාමට පටන් ගෙන තිබු අතර එම නිසා වෙරළ පාරේ වාහන ගමනාගමනය අඩාල වීය. වෙරළ පාර තාවකාලිකව වසා දැමීමට ද පියවර ගත්තේය.
මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ වල්ගම පොලිස් මුරපොළ අසළ ගසක් ප්‍රධාන මාර්ගය මතට කඩාවැටීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා ඇතිවිය .
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණය සමිබන්ධීකරණ ඒකකයේ නිලධාරීන් එම ගස කපා ඉවත්කර මාර්ගය ගමනාගමනය පවත්වාගෙන යා හැකි පරිදි යථාතත්වයට පත්කර ඇත.
අකුරැස්ස දෙනියාය මාර්ගයේ කොස්නිල්ගොඩ දී විශාල ගසක් කඩා වැටීම නීසා එම මාර්ගයේ ද වාහන ගමනාගමනය අඩාලව විය.
කඹුරුපිටිය මුලටියන මාර්ගයේ රන්සෑගොඩ ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.
මාතර හක්මන ප්‍රධාන මාර්ගයේ කෝංගල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ද වාහන ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී තිබුණි.
ඌරුමුත්ත ඔය පිටාර ගැලීම නිසා මුලටියන කඹුරුපිටිය මාර්ගය ද ලේනබටුව වැව වාන් දැමීම නිසා අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය ද ජලයෙන් යට වී පැවතිණි.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මුලටියන,අකුරැස්ස,පිටබැද්දර හා කොටපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ පස් කදු නාය යා හැකි බැවින් ජාතීක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd