
(අංජුල මහික වීරරත්න)
වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සංවිධානය කර තිබූ රට වෙනුවෙන් සෞඛ්‍ය සේවාව ගොඩ නැගීමට උරදෙන වෘත්තීය සමිති නියෝජිත සමුළුවට එක්වෙමිනි.
එම සමුළුව අද (18) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගීත්වයෙන් මරදාන CSR ශාලාවේ දී පැවැත්විණි.
වරප්‍රසාද අහිමිවීම මෙන්ම තම සිහින බඳවැටීම හේතුවෙන් මොවුන් කුමන්ත්‍රණකාරීව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා නම් ඊට මුහුණ දීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා කීය.
ආණ්ඩුවේ ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්‍ය වෘත්තිකයින් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
මතකනෙ ඉස්සර කිසිම ආණ්ඩුවකට රට කරන්න දුන්නෙ නෑ. වැඩ වර්ජන කළා. දැන් තෙරෙනව ඇති ඒවා නරක වග
කරුණාකර හැම දෙනාගේම සහයෝගය රටට ලබා ගැනීමට කටයුතු කරන්න.. සමච්චල් එපා..
රනේ, ඕක කියන්න ඕනා ජෙප්පොන්ට මොකද උන් තමා ඕවා පටන් ගත්තෙ කිසිම ආණ්ඩුවක් අරියට කරන්න නොදී 365 දවසෙම පාරේ හිටිය.