අංජුල මහීක වීරරත්න
කොතරම් වැඩ වර්ජන ඉල්ලීම් කළත් අසාධාරණ ඉල්ලීම් වලට මේ මොහොතේ විසඳීම් ලබා දිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දෙන්න පුළුවන් ගානට දීලා තියෙන බව ඉල්ලන හැම කෙනාම තේරුම් ගත යුතු බවද ජනාධිපතිවරයා කීය.ජනාධිපතිවරයා මේ බව කීවේ වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමිනි.
"අයවැය සහ වැඩ කරන ජනතාව" යන තේමාවෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (26)මෙම හමුව පැවැත්විණි.
"මේ ආණ්ඩුවෙන් තව ටිකක් කෑ ගැහුවොත් ගන්න පුළුවන් වේවි කියල සමහරු හිතනවා.මේ ආණ්ඩුවෙන් කවදාවත් කෑ ගහලා ගන්නත් බෑ.කෑ ගැහුවට දෙන්නෙත් නෑ.
අපි කෑ ගහන්න කලින් දෙනවා.අපි ප්‍රශ්න දන්නවා.අපි ඒ ප්‍රශ්න විසඳනවා.ඒකට අපිට පාරට බැහැලා කවුරුවත් කෑගහන්න අවශ්‍ය නැහැ.වැඩ වර්ජන, උද්ඝෝෂණ කරන්න ඕන නැහැ.හැම දෙනාගේම ප්රශ්නය අපි දන්නවා.හැම දෙනාගේම ප්රශ්නය කෑගහන්න කලින් අපි විසඳනවා.කෑ ගැහුවට විසඳුම් දෙන්න බැරි ඒවට විසඳුම් දෙන්න බැහැ.මේක තමයි ඇත්ත කතාව යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච කොටද්දී ඒවා සාධාරණයි... අනික් උන් කරද්දී ඒවා අසාධාරණයි... අනේ යකෝ උඹේ තියරි... කාලකණ්ණියා රට කෑවා අවුරුදු ගාණකට.
ඒ කාලෙ ජනතාව මෙවැනි සට්‍රයික් වලදි වර්ජකයන්ට සහයෝගය දැකුවුව හේතුව , පාර්ලිමේන්තුවෙ අපතයො තමන්ගෙ දිමනා, පඩි කාර් පර්මිට් තමුන්ට ඔන විදියට පාර්ලිමේන්තුව ඇතුලේ අත උස්සල උන්ට ඕනවිදියට බෙදාගත්ත, අද ඉන්න මිනිසුන් ඒ වැඩේ කරන්නෙ නැ, උන් උන්ට අයිති දේත් කැපුව රට වෙනුවෙන් , පරන්ෂන් බංගලා, කාර් පර්මිට් නැ, එහෙම තියෙද්දි, මේ ලෝකෙ ප්‍රශ්නත් එක්ක මේ වැඩ වර්ජනය ඉතා අසාධාරනයි, ජනපති තුමනි මුන්ට කිසි දෙයක් දෙන්න එපා
@HiLakmal, කියපු දේවල් ඒ විදියටම කරපු නායකයෝ කොච්චර ලස්සනට හදල තිබුණ රටක්ද අනුරල මේ අවුරුදු දෙකට විනාස කරල දැම්මේ... නේද...
කන්ටේනර් 323, ඩොලර් මිලියන 2.5, ගල් අඟුරු වන්චාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ වංචා බොරු මදිවට කයිය