
(චමිල් රූපසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මහනුවරදි පැවැසිය.
ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඒ මහතා තවදුරටත් පැවසීය.
නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් වැඩ බලන පොලස්පතිවරයා දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පිච්චමල් වට්ටියක් ලබාදී ඒ මහතා පිළිගන්නා ලදි.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ගෙන්ද ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එව්වා කියලා ලොක්කා මෙයාවත් ඔතැනින් අයින් කරයිද දන්නේ නෑ...!
මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණය වළක්වන්න ඔබට ශක්තිය ලැබේවා... පොඩි මිනිහාට උදව් කරන පොලිසියක් උපදීවා...!
මේ මහත්තයාට නේද අර පාරෙදී අල්ලන් ගැහුවා කිව්වේ?
හාමුදුරුවන්ට කටක් කියලා දෙයක් නැද්ද... මේ අයගේ කෙප්පවලට හොඳ උත්තරයක් දෙන්න...?
බස්නාහිර නේද වැඩිම සංවිධානාත්මක අපරාධ සිදුවෙන්නේ? මෙය හිටපු බස්නාහිර බාර පොලිස් ලොක්කා විදිහට මෙච්චරකල් මොනවද කරේ...!
අපේ හාමුදුරුවනේ, දේශබන්දු කළ වැරැදි මතක් කරලා දුන්නේ නැතිද? 1 අරගලකරුවන්ට පහරදීමට මග පෑදුවට 2 පාස්කු ප්‍රහාරය වළකා නොගැනීම 3 ජනාධිපති නිවසේ තිබූ මුදල් අවභාවිතය...
මේ අය කරන්නේ ඕනෙම කෙනෙක්ගේ ගුණ වර්ණනා කරලා නූල් බඳින එකයි...
දෙවැනි ඉලක්කය රනිල්ට වැඩක් දීලා නාමල්ට ජනාධිපති වෙන්න පාර කැපීමද?
එතකොට අරගලය මැඩපවත්වන්න රාජපක්ෂලගේ නිල නොවන හමුදාව පහරදෙන වෙලාවේ නිකම්බලාගෙන සිටියේ මොකද? පාස්කු ප්‍රහාරයක් ඇතිවනබව දැනදැනත් ඒක මර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තේ මන්ද?