
(අංජුල මහික වීරරත්න)
පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල" චුට්ටක්" වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.
හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණි.අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්‍රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝර්ට්සිටියට අවශ්‍ය කලුගල් ප්‍රමාණය කිව්ව වගේ චුට්ටන් බොරුවක් නේද.
ඔව් චුට්ටම චුට්ටයි. 600% බදු ගැහුවම ඔය චුට්ට වැඩි වෙනවා. මේවා බොරුවටම උපන් කටවල්. කිව්වොත් කියන්නෙත් බොරුමයි.
අඩුවට වාහන ගෙන්වන්න බැරිලු ලිසින් කාරයොයි ,පැරණ වාහන සෙල් කරයෝන්ගෙයි ව්‍යාපාර කඩා වැටෙනවලු එහෙම උනොත් , හොඳ වෙලාවට අනුර යුද්දේ කාලේ ජනාදිපති උනේ නැත්තේ , ඒ කාලේ හිටියනං කියයි යුද්දේ ඉවර කරන්න බැහැ මල්ශාලා කාරයොන්ගේ ව්‍යාපාර කඩාවැටෙන හින්ද කියල
පන්සිල් පද 5 දන්නේවත් නැති, එය පිළිගන්නෙත් නැති කෙනෙක්ට බොරු කිම වරදක්, පවක් කියලා දැනෙන්නේ නැහැ නෙමෙයි... ඒක ජීවිතේ සාමාන්‍ය දෙයක්...
විකාර නැතිව ටැක්ස් ෆ්‍රී කරලා විද්‍යුත් වාහන ගේන්න අවසර දෙන්න..ඒකෙන් ලංකාවට ලොකු මුදලක් ඉතිරි වේවි.. තෙල් ආනයනය කරන්න යන මුදල්...
චුට්ටා 600% නේද? ගෙන්නන්න ඕනෑ නැහැ..
ලක්ෂ 5ට සැප වාහනයක් ගන්න සිහින මැව්වා. මෝඩ ජෙබයියෝ ආයෙත් පාරක් රැවටුණා..
මේ අදහස වෙන රජයක නායකයෙකු කිව්වානම් JVP ඒ කෙනාව පතුරැ ගහනවා .හැම රජයකම හොද සහ නරක තියෙනවා. මේ රජයෙත් එසේමයි සැම රජයක්ම ලංකාවෙ බලයට එන්නේ බොරැ කියලා. ඒක JVP එකටත් පොදුයි .අපේ බහුතරයක් මිනිස්සු රැවටෙනවා. ඒක නිසා අවංකව දේශපාලනය කරන්නෙ සීමීත මිනිසුන් ප්‍රමානයක්
එහෙම කිව්වම පොඩි ගානක් ගන්න ගියාම දෙගුණයක් එනවා