
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත අරමුදලක් කිරීමේ ප්‍රමාදයෙන් මාස තුනකට ආසන්න කාලයක් වාහනවල දුම් පරීක්ෂණ ක්‍රියාවලිය අක්‍රීයවීමෙන් පරිසරයට දැඩි හානියක් වියහැකි බව පරිසර විද්‍යාඥයෝ පවසති.
‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත්කර පවත්වාගෙන යන ලෙස ප්‍රවාහන, පරිසර සහ සෞඛ්‍ය යන අමාත්‍යංශ කැබිනට් මණ්ඩලයට යොමුකළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේ අගෝස්තු මස 19 වැනිදා අනුමැතිය ලැබුණු බවත් එම අනුමැතිය ලැබී මාස හයකට අධික කාලයක් ගතවුවද නිලධාරීන්ගේ ක්රියාකළාපය හේතුවෙන් එම අරමුදල තව දුරටත් අක්‍රීයව පවතින බවත් ඔවුහු කියති.
මෙම තත්වය හේතුවෙන් වාහනවල දුම් පරීක්ෂණ කිරීමේ හදිසි වැටලීම් ඇතුළු සියලුම ක්‍රියාකාරකම් නතර වී ඇති බව කියන පරිසර විද්‍යාඥයෝ රට තුළ වර්තමානයේ පවතින වායු දූෂණ තත්වයට වාහන දුම් පරීක්ෂාව අක්‍රීයවීම වඩාත් අහිතකර බව ද සඳහන් කළහ.
මෙම තත්වය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ අරමුදල් නොමැතිවීමෙන් පසුගිය මාස තුනක පමණ කාලයක් දුම් පරීක්ෂාවන් සහ හදිසි වැටලීම් කළ නොහැකි වූ බවත් කෙසේ වෙතත් එම කාලය තුළ ත්‍රිවිධ හමුදාවල වාහන 1,600 ක් පමණ එම ආයතනවල සහයෝගයෙන් පරීක්ෂා කර වාර්තා ඉදිරිපත් කළ බවත්ය.
ශ්‍රී ලංකාවේ පරිසර ආරක්ෂාව සහ ආර්ථික දියුණුව ඇතුළු බොහෝ සංවර්ධන ක්‍රියාවලීන්ට පරිසර ආරක්ෂා කිරීම වැඳගත් වන අතර ඒ හේතුවෙන් නිලධාරීන් වාහාම ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත කිරීමට කටයුත්තට අවදානය යොමුකළ යුතු බව ද කී එම නිලධාරියා වාහන දුම පරීක්ෂා කිරීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දුන් නියෝගයක් බව ද සඳහන් කළේය.
මීගමුවේ සිට මාතර දක්වා දකුණු කළාපයේ වායු ගුණත්වය දැඩිව පිරිහෙමින් ඇති බවත් එම පිරිහීමට වාහන දුම ද එකතු වීමෙන් තත්වය දරුණු විහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් මේ දුම් පරීක්ෂාව තිබිලත්, අපි පාරේ යන දුම් කෝච්චි දැක්කා... කිසිම නගරයක් පිරිසිදු වාතයක් නැහැ. දුම් පරීක්ෂාව හරියට කරන රටවල් බලන්න ඕනේ නම් යුරෝපෙට හරි, ජපානෙට හරි එන්න. මම එහෙ හිටිය නිසා කියන්නේ, කිසිම ඩීසල් වාහනේකින් කළු දුමක් එළියට එන්නේ නැහැ. මේ ලංකාවේ දුම් පරීක්ෂාව තනිකර සල්ලි ගරන වැඩක්...
ඒක තමයි දැන් පාරේ දුම් දාගෙන යන වාහන වැඩි. මේ ආණ්ඩුවත් අකාර්යක්ෂමව වැඩ කරයි කියලා අපි හිතුවේ නෑ...!
මගේ ගෙදර තියෙන්නෙත් මේ කියන දුම් පරීක්ෂණ එකක් ලඟ. මේවායේ කිසිම ප්‍රමිතියක් නෑ.
සමහර වාහන අතීතයේ තිබුනා කියපු ගල් අගුරු කෝච්චි වගේ කියල හිතෙනවා ඒවට වාරෂික ආදායම් බලපත්‍ර නිකුත්කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැහැ ඇත්තටම එහෙම දුම් පිටකරන වාහන සදහා රුපියල් 25000/= දඩයක් දඩකොලයට ඇතුලත් කරන්න බැරිද
එස්.එල්.ගේ කමෙන්ට් එකමයි මටත් කියන්න තියෙන්නේ. මේ හැම තැනම පගාවට කොලේ දෙන්නේ.
පැවති ආණ්ඩුවලට බැන බැන විවේචනය කලාට මදි.ඒ රජයන් කරගෙන ආපු රටට හිතකර කටයුතු ඉදිරියට සංවර්ධනය කරගෙන යාමට වගබලාගත යූතු නේද? උදාහරණය ලෙස චීන රජය පහළොස්වන පස් අවුරුදු සැලැස්ම මේ දිනවල සාකච්ඡාවට භාජනය කරනව.ජනපති මාරු වුනාට සැලැස්ම ක්‍රියාත්මක වෙනව.ඉන්දීය රජයත් එසේමයි.ඇයි අපිට බැරි???.