
(විමුක්ති එස් රුද්රිගු)
ශ්රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලික හා වාණිජ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 189 ක් වියදම් කර ඇති බවත් එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වාහන ආනයන වියදමේ සියයට 24.2 කින් අඩුවී ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය ජූලි මාසයේදී පෞද්ගලික හා වාණිජ වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 241ක් වැය වී තිබූ අතර, ඒ අනුව අගෝස්තු මාසයේ වාහන ආනයන වියදම ජූලි මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 52කින් පමණ අඩු වී තිබේ. කෙසේ වෙතත්, මේ වසරේ මුල් මාස අට තුළ වාහන ආනයනය සඳහා වැය වූ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,684ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්රකාශ කර සිටියේ වාහන සඳහා ලබාදෙන ණයට සියයට 70 ක උපරිම ණය සීමාවක් පැනවීමත්, වාහනයක් ආනයනය කිරීමේදී පනවන රේගු බද්දට අධිභාරයක් පැනවීමත් හේතුවෙන් වාහන ආනයනය සීමාවී ඇති බවයි. එසේම ඉදිරි මාස තුන සඳහා වාහන ආනයනය කිරීමට විවෘත කර ඇති ණයවර ලිපි ප්රමාණයද පහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරි මාසවල වාහන ආනයනය තවත් පහළ යනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd