
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඊයේ (13) රාත්‍රී විනාඩි 20 ක් තුල හංවැල්ලේ සහ මීගොඩදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇත. මේ වන විට පුද්ගලයන් 44 කු මියගොස් තවත් පුද්ගලයන් 48 කු පමණ තුවාල ලබා ඇත .
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ, ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නැමැත්තාගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ 88/89 රෙකෝඩ් එකත් මේ අවුරුද්දෙදි කඩයි වගේ.
මේ තමයි ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව
අපි ඉතිං ගණන් ඉලක්කම් බල බල ඉමු. කාටවත් ඕනකමක් නෑ මේව අඩුකරගන්න වලක්වගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඊට හේතුවත් හිතාගන්න පුලුවනි.
ඔව් ඉතින් දන්නේ නැද්ද? ජවිපයේ ආණ්ඩුවක්නේ තියෙන්නේ...