IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැසිකිළි වලට වැටුණු අලියා ගොඩට

( කුෂාන් ජයවර්ධන‍)

මොරගොඩ ප්‍රෙද්ශයේදී ගෙවත්තක වැසිකිළී වළකට වැටීමෙන් අනතුරට පත්ව සිටි වන අලියෙකු නිරුපද්‍රිතව ගොඩට ගෙන යලි හුරුළුවැව රක්ෂීතයට මුදා හැරීමට රිටිගල වනජීවී නිලධාරීහු අද (22) පෙරවරුවේ කටයුතු කළහ.

මොරගොඩ, හල්මිල්ලවැව, නිවාස 10 ප්‍රෙද්ශයේ ගෙවත්තක තිබී වැසිකිලීවළකට එම අලියා වැටී තිබිණ.

මෙලෙස වැසිකිළී වළට වැටී සිටි වන අලියාගේ වයස අවුරුසු 15ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.

අද(22) අලුයම් කාලයේ ආහාර සොයා ගම්වැදුනු අවස්ථාවක වන අලියා එම ගෙවත්තේ තිබූ වැසිකිළී වළට වැටී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

ඒ සම්බන්ධයෙන් නිවැසියන් වනජීවී නිලධාරීන්ට කර තිබූ දැනුම්දීමක් අනුව අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණ.

රිටිගල හා මොරගොඩ ඇතුළු වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙන්ම මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ද එම ප්‍රෙද්ශවාසීන් ද එක්ව වැසිකිළී වලේ වැටී සිටි එම වන අලියා ගොඩට ගැනීමේ මෙහෙයුම සිදුකරනු ලැබූහ.

ජේසීබී යන්ත්‍රයක ආධාරයෙන් වැසිකිළී වළ දක්වා විශේෂ මාර්ගයක් සකසා ඒ ඔස්සේ එම වන අලියා ගොඩට එමට සලස්වනු ලැබිණි.ගොඩට ආ වන අලියා යාබදව පිහිටි හුරුළුවැව රක්ෂිතයකට ආරක්ෂීතව පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරනු ලැබූහ.

 

 



අදහස් (0)

වැසිකිළි වලට වැටුණු අලියා ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site