
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බලසිටින්නන් ඒවා පියාඹන පිරිස ලෙස පැවැසීම පුදුමයක් නොවන බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය. අත්භූත එළි 4 චතුරශ්‍රාකාරව සිට තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවද එම පුවත්පත ප්‍රකාශ කළේය.
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.
විශේෂඥයෝ මේවා පියාඹන පිරිසි එළි නොවන බවට මත පළ කර ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය. හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූපගත කළ ඩිගිනස්ගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් එලෙස පළවූ ප්‍රසිද්ධ මතවලින් කීපයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිඩ්න් බීලාද පීරිසි පියාඹන්නේ...?
පිටසක්වල ජීවින්, ඉන්නවා අපි අතරම. ඔවුන් කවදාවත් මුහුණට මුහුණ හමුවෙන්නේ නෑ. මොකද මිනිස්සු කියන්නේ බලලෝභී සත්තු කොට්ඨාසයක්. පිටසක්වල ලෝක වුනත් විනාශ කරන්න පුළුවන්...!
හේ නිව්යෝර්ක් මේවා දේවතා එළි....
ඕවට කියන්නේ තරු තරු.. කොහේද නිසි අධ්‍යාපනයක් නැති ඇමරිකන් කාරයෝ තාම බලිතොයිල් පිටසක්වල යානා ගගා ඉන්නවනේ...
වැඩක් නැහැ. ලොකු කතා කිව්වට කවුරුවත් බිම දාගන්න බැරිවුණා. කතාව නම් ලෝකෙටම ගහන්න.. කෝ ඔයාලගේ මහලොකු වෙපන්ස්...