IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශීගේ දුව අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) මරණ තර්ජන කළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය අද (7) අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 7 ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදි විදේශ රටක සරසවි සිසුවියකි.

එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (6)

විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශීගේ දුව අත්අඩංගුවට

Jagath Leanage Monday, 07 July 2025 12:53 PM

පෙනෙන විදියට, මුලින්ම, ඇයව මානසික වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි.

:       5       35

අරවින්ද මොණරවිල Monday, 07 July 2025 12:59 PM

අඩුම ගානේ සති දෙකකටවත් ඇතුළට යැව්වොත් ඔය අමාරුව අඩුවෙලා යයි...!

:       39       26

මංජුල Monday, 07 July 2025 01:17 PM

අම්මා නිසා ආපු ආවේගයට ඒ ළමයා එහෙම කියන්න ඇති...

:       23       49

දුංහිඳ Monday, 07 July 2025 01:26 PM

උගත් කම සමඟ ප්‍රජණනය (cognition ) සංවර්ධනය නොවීම වර්ථමාන සමාජයේ ඇති ගැටළුවකි. එය හොඳින්ම පිළිපිඹු කරන සිද්ධීන් දාමයක් තමයි මේ.

:       5       31

Nihal Monday, 07 July 2025 02:10 PM

ගිණුම්වල තියෙන කෝටි ගණන් හොරා කාපු සල්ලිවල බලය මතක් වෙනකොට මොවුන් කව්ද, අපි කව්ද කියලා හිතනකොට හැසිරෙන්න ඔහොම තමයි, ඩි.බි විජේතුංග ජනාධිපතිවරයාගේ දුව හැර ඉස්සර රජයන්වල තරුණ තරුණියන් හැසිරෙන්නෙත් ඔහොමයි...

:       2       11

Perakum Monday, 07 July 2025 02:40 PM

දුංහිඳ: ප්‍රජණනයයි ප්‍රජාණනයයි පටලවගන්න එපා. නිවැරදි වචනය ප්‍රජාණනය නැතහොත් සංජාණනය...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site