(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 , රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක හා එම චක්‍රලේඛවලට අනුශාගේ චක්‍රලේඛ ප්‍රකාරව දේශීය / විදේශීය නිවාඩු අවලංගු කරමින් පසුගිය 18 වනදා සෞඛ්‍ය ලේකම්වරයා මෙම නියෝග නිකුත් කර තිබේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදෙස් ගත වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරී පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමට සීමා කර ඇති බැවින් මෙම පියවර ගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සියලූම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් සියලූම රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිස් දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මේ අතර විදෙස් ගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල යළි දිවයින්ට කැඳවීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලවල විදෙස් නිවාඩු අත්හිටුවයි