
(සුජිත් හේවාජුලිගේ )
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා මාසිකව ලොකු වියදමක් දරන හෙයින් මෙවැනි බංගලාවක් දුනහොත් එම කුලී මුදල සම්පූර්ණයෙන්ම ඉතිරි කරගත හැකි බව එහි ප්‍රධානීන් පෙන්වා දී ඇත.
ඇමැති බංගලා ඉල්ලා ඇති රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට හැටක් දක්වා ඉහළ නැග ඇත. තානාපති කාර්යාල, අමාත්‍යාංශ, රජයේ ආයතන, විශ්ව විද්‍යාල ඇමති බංගලා ඉල්ලා ඇති ආයතන අතර වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමැති බංගලා පනහක් කොළඹ පමණ පවතින අතර මෙම බංගලා ඇමතිවරුන්ගේ පාවිච්චියට නොදීමට රජය බලයට පත් වූ වහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලී ගෙවලා පවත්වාගෙන යන රාජ්‍ය ආයතන වලට මේ ඇමැති බංගලා බාර දූන්නා නම් රජයේ වියදම් අඩු කරගන්න පුළුවන් වෙයි.