IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවක

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසස්කරණවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.

“සෞන්දර්ය හර විෂයක් කරනු, සෞන්දර්ය විෂය කප්පාදුව වහා නවතනු සහ මියගිය ප්‍රතිසංස්කරණ හකුළාගනු’ ආදි පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (11)

විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවක

පන්සිළු Wednesday, 23 July 2025 02:14 PM

රටම එකට සිටගතයුතු අවස්ථාවක්... අවුරුදු කීපයකට එක එක්කෙනා ඇවිත් සමස්ථ රටේම අනාගතය අනතුරකට දාලා බැහැලා යන්න දෙන්න බෑ.

:       41       18

DineshWednesday, 23 July 2025 02:51 PM

රටේම අනාගතය අනතුරට දානකොට නිදාගෙන හිටපු අය, රට හරි පාරට ගන්න හදනකොට කෑගහනවා...

:       12       35

pradeepWednesday, 23 July 2025 04:02 PM

ඔයාගේ ළමයින්ට ඕවා උගන්වලා පාරවල් ගානේ රස්තියාදු වෙන්න අරින්න, අපේ ළමයි කාලකණ්ණි කරන්න නුඹලාට අයිතියක් නෑ.

:       4       23

sena Wednesday, 23 July 2025 02:28 PM

කට්ටියකට ඉතිහාසේ ඕන කට්ටියකට සෞන්දර්යය ඕනේ මේ එකඑක කට්ටියට ඕන ඒවා දාන්න ගියාම ළමයින්ට විශයන් 30 - 40 ක් ඉගන ගන්න වේවි. මේ උදවියට පිස්සුද? අපි දැන ගන්න ඕනේ ළමයි කියන්නේ ළමයි කියන එක එයාලාට ඉගෙන ගන්න වගේම සෙල්ලම් කරන්න තමන් කැමැති දෙයක් කරන්න කාලය ඕනේ...

:       2       39

අරවින්ද මොණරවිල Wednesday, 23 July 2025 02:47 PM

මේ ගොල්ලෝ කොහොමද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වුනේ කියලා මුලින්ම හොයලා බලන්න ඕනෑ, කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව එක එකාගේ කීමට නටන මැටි මෝල්ලු, මෙතෙක් කලක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වුනේ පොත් කටපාඩම් කරන ගිරව් කියන එක තමයි මේ පෙන්නන්නේ...

:       8       38

PGPTHILAK Wednesday, 23 July 2025 02:50 PM

මේ හැම කෙනෙකුටම ඕනෑ තමන් දන්නා දේ බලෙන් විකුණලා බඩ ගෝස්තරය සරිකර ගන්න...

:       3       35

nipuna Wednesday, 23 July 2025 03:09 PM

මෝල්ගස් ගිලපු පිඹුරෝ මතක් වුණා...

:       2       17

ajith Wednesday, 23 July 2025 03:50 PM

මම නක්ෂස්ත්‍රයෙක්. ඒක හින්දා මම කියන්නේ ළමයින්ට හඳහන් බලන හැටි උගන්වන්න ඕනෑ කියලා...

:       2       17

පිටරැටියා Wednesday, 23 July 2025 05:05 PM

රජය මේ ප්‍රතිසංස්කරණ ආවට ගියාට කරන්නේ නැතිබව දන්නවා. සිසුන්ගේ යහපතට යමක් සිදුවේ නම් ඒකයි වටින්නේ...

:       3       12

ගුණරත්න Wednesday, 23 July 2025 05:32 PM

ගිය අවුරුද්දේ මේ කාලේ මහා වර්ජනයක් තිබුණ, ආචාර්යවරු බදු ගෙවන්න බෑ , පඩි වැඩිවීම් අවශ්‍යයි කියල තමයි වර්ජනේ කලේ, එතකොට ජවිපෙ පාක්ෂිකයෝ බොහොම උද්යෝගයෙන් ඒ වර්ජනෙට සහයෝගය දුන්න. මාස 3ක් විශ්වවිද්‍යාල වහල තිබුණා. දැන් ආචාර්යවරුන් කලින්ටත් වඩා බදු ගෙවනවා එත් රනිල් දුන්නු පඩි වැඩිවීම නිසා ඒ ගැන මීක් නැහැ. කොහොම වුණත් මේ ඊනියා ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම අගය කරන්න ඕන. කලාව සහ ඉතිහාසයක් දන්නේ නැති මුල් සිඳගත් පරපුරක් අපට අවශ්‍ය නැහැ.

:       0       0

ana Wednesday, 23 July 2025 08:36 PM

මගේ රස්සාව පොල් ගස් නැගීම වහාම ......................................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site