IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්‍රාමික අයි.පී ගේ නිවසේ ලියුම් පෙට්ටියේ ජීව උණ්ඩ පනස්තුනක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ හයක් අද (08) දා සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මත්තේගොඩ බස් නැවතුම්පොළ අසල කලාකරු මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විශ්‍රාමික පොලිස් නිලධාරියාට අයත්ව ඇති අතර එහි කිසිවකු නොමැති නිසා වසා දමා තිබේ.

එහෙත් ඔහු එම නිවසට ලැබෙන ජල හා විදුලි බිල්පත් හා ලිපි පරීක්ෂා කිරීම සඳහා එම නිවසට පැමිණෙන අතර අද උදෑසන ද පැමිණ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තමා නොදැමූ ඉබ්බෙකු ඊට දමා තිබීම නිසා සැක සිති යාබද නිවසක තරුණයකු සමග ලියුම් පෙට්ටියේ ඉබ්බා කඩා පරීක්ෂා කිරීමේදී ඒ තුළ මෙම ජීව උණ්ඩ තොගය තිබෙනු දැක තිබේ.

ඒ අනුව මත්තේගොඩ මධ්‍යම ඒ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක විසින් සිද්ධිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ඒ තුළ ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ හයක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි 

 



අදහස් (0)

විශ්‍රාමික අයි.පී ගේ නිවසේ ලියුම් පෙට්ටියේ ජීව උණ්ඩ පනස්තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site