
(අංජුල මහික වීරරත්න)
ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සකසන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී අද (7)පැවැත්වුණ අතර මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මීට අමතරව කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව කරුණු පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ ජනාධිපතිවරයා, රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කළ අතර වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළේය.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන ජීවත්වන මිනිසුන්, ඒකෙන් 10% කපාගන්නේ නැතුව තියන්න , මමත් NPP එකට වෝට් කල කෙනෙක්, මම කවදාවත් හිතුවේ නෑ NPP ආණ්ඩුවකින් පොඩි අපි වගේ අයගෙන් බදු ගහයි කියලා. දැන් බලන කොට රනිල් ශෝක් නේ
මටත් කියන්න තියෙන්නේ මමත් අනුන්ට මූන්ට චන්දය දූන්නා ඌරන් රට නැව් මෙ සැරෙ එන්පිපි එකට දූන්නා උන් රට කෑවා මුන් අපිව කනවා වාගේ
මේ වා කාලයක් තිස්සේ දැවෙන ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් ලබා දෙන්න නැතිනම් ජනතා අප්‍රසාදයට ලක්වෙනවා ජනතා ප්‍රශ්න වලට කල් මරන්න එපා
විශ්‍රාම වැටුප හෝ වෙනත් කිසිදු ආදායම්ක් නොලබන පෞද්ගලික අංශයේ හෝ කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කාලයක් තම රට වෙනුවෙන් සේවය කර කුඩා ස්ථිර තැන්පතු මගින් තම පවුල නඩත්තු කරන, වෛද්‍ය ප්‍රතිකාර සදහා වැය කරන, තම ළමුන්ගේ පාසල් හෝ උසස් අධ්‍යාපනය සදහා කැප කිරීම් කළ යුතු වයෝවෘද්ධ පිරිස් වාර්තා සදහා බැංකුවටත් තවත් කිහිප වරක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් යවා තව දුරටත් අපහසුතාවයට පත් කළ යුතු නොවේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථීර තැන්පතු අගය වැඩිකරන්න දත්ත පද්ධති නැද්ද? ඇයි බැංකු පොලියෙන් තමයි එව්වාත් දෙන්නේ.. කිව්වොත් බෙහෙත් නෑ...
විශ්‍රාමික/ජ්‍යේෂ්ඨ පුරවැසියන් විවිධ අසනීප වලින් පෙලෙන අතර ලැබෙන සීමිත ආදායමින් ඖෂධ ප්‍රතිකාර, ලමයින්ගේ අධ්‍යාපන කටයුතු, ආහාරපාන අත්‍යවශ්‍ය ගමන් බිමන්, විවිධ බැදීම් සදහා වියදම්, බැංකු ණය හා පොලී ආදී වියදම්ද සදහා විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙති. ඒ අතර විවිධ ඉල්ලුම්පත් හා ප්‍රකාශ පුරවමින් බැංකු දේශීය ආදායම් දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන වලට යාම්ඊම් හා කාලය ගත කිරීම ඉතා අපහසු කටයුත්තකි.
මෙච්චර කාලයක් අපේ දෙමාපියෝ අපිට කරදරයක් නැතිව ජීවත්වුනේ එයාලාගේ ස්ථිර තැන්පතුවලින්. එයාලාගේ බේත් ටික ගන්නවත් දැන් බැහැ. රජයට බලපෑම් කිරීමට නොහැකි පිරිසක් නිසාද මේ විදිහට ඔවුන්ට සලකන්නේ. මෙහි විපාක ආණ්ඩුව නුදුරේදීම ලබාගන්නවා නිසැකයි.
අර්ධ රාජ්‍ය ආයතනයක වසර 32ක් සේවය අපහට විශ්‍රාම වැටුප් නැහැ . fd පොලියෙන් ජිවිත් වන්නේ . මෙහෙම පිරිසක් ඉන්න බව ජනපති හිතලා අපේ පොලිය වැඩි කරන්න කටයුතු කරන්න ඔනි . තවත් කපන්නේ නැතිව.