(ගයාන් සූරියආරච්චි)
කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සංවිධානාත්මක් අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් කසුන් නැමැත්තා ඝාතනය කිරීමට ගිනි අවිය රැගෙනවිත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
ඩුබායි හි සැගවී සිටින මිල්ක් නොහොත් ප්‍රවීන් නැමැත්තාගේ මෙහෙයවිම මත එම ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය වව්නියාවේ සිට බස් රථයකින් කොළඹට රැගෙන විත් තිබූ අතර එම ගිනි අවිය තවත් පුද්ගලයන් දෙදෙනකුට බාරදීමට තිබිය දී කුලී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, උණ්ඩ 30 ක් , පතොරොම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5650 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුගෙන් ලබාගන්නා ලද තොරතුරු අනුව වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෙට්ටිකුලම්, නේරියකුලම් ප්‍රදේශයේදී අත් බෝම්බ 86 ක් හා උණ්ඩ තොගයක් සමග සැකකරුවකු ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි.
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ මහතාගේ මෙහෙයවීම පරිදි කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
’’වව්නියාවෙන් T56 ගෙනාවේ බ්ලූමැන්ඩල් කසුන් මරන්න’’
fairoos Wednesday, 23 July 2025 06:41 PM
අම්මෝ අත් බෝම්බ 86ක්? පොලිසිය නිදිද මන්දා?