IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වැලි ලොරියෙන් අල්ලස් ගත් සාජන් - කොස්තාපත් ගෙදර

(ගයාන් සූරියආරච්චි)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකුට නීති ක්‍රියාත්මක නොකර සිටීම සදහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

එම සිද්ධිය වාර්තාවීමට දින 2 කට පෙර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රාජකාරී සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබදව විශේෂ දේශනයක්ද සිදුකර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මිරිහාන, කොළඹගේ මාවත ප්‍රදේශයේදී අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාරක රාජකාරියේ යෙදී සිටියදී වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පොලිස් නිලධාරීන් දැක පලායාමේදී සැකකාර සැරයන්වරයා සහ කොස්තාපල්වරයා පොලිස් යතුරුපැදියෙන් එම වැලි ලොරිය හඹාගොස් අතුරුමාර්ගයක නවතාගෙන ඇත.

එහිදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී එම ලොරි රථයේ රියැදුරු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කර තිබූ අතර ඒ සදහා නීති ක්‍රියාත්මක නොකිරීමට සැකකරුවන් විසින් ලොරි රථ රියැදුරුගෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයාද මිරිහාන පොලිසියට ඉදිරිපත්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් එම පොලිස් සැරයන්වරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවත් ඔවුන්ට දැඩි නීතිමය, විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා පැවැසීය.



අදහස් (0)

වැලි ලොරියෙන් අල්ලස් ගත් සාජන් - කොස්තාපත් ගෙදර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 256 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 600 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site