
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ මහතාගේ කොල්ලූපිටිය මල් පාර නිවස සෝදිසියට ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
රහසිගත තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එම නිවස වෙත ගොස් ඇත.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අතර නිවස වසා දමා තිබී ඇතැයිද සේවකයකු පමණක් සිට ඇතැයිද දැනගන්නට ඇත.
නිවස පිහිටි භූමියේ පැරණි වාහන තුනක් තිබී ඇති අතර පැය 2 කට ආසන්න කාලයක් අවට සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර සේවකයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.
තමන් නිවසේ නොමැති අවස්ථාවේදී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ යැයි පවසමින් කිසියම් පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් සැබෑ ලෙසම පොලිස් නිලධාරීන් දැයි සොයා බලන ලෙස පවසමින් හිටපු මන්ත්‍රීවරයා කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් කොල්ලූපිටිය පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව කොල්ලූපිටිය පොලිසිය මගින් ඒ බව තහවුරු කරගෙන මන්ත්‍රීවරයා දැනුම් වත්කර ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත .
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්ලුව මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසිය
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් ගොස් තිබෙන්නේ අධිකරණ සෝදිසි වරෙන්තුවක් මතයි. මන්ත්‍රීවරයා එවැනි පැමිණිල්ලක් කර තිබෙනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ කාලේ කුමාර වෙල්ගමගේ මතුගම වත්තේ වාහන සඟවා ඇතැයි කියමින් ජවුසමක් නැටුවා. අන්තිමට අඩුම තරමින් හංගපු බයිසිකලයක්වත් එතැන තිබුනේ නැහැ. දැන් මෙයාලා කරන්නෙත් විරුද්ධ මත දරන මිනිස්සු බයකරන්න. බොරුවටත් ගෙවල් පරීක්ෂා කරන්න පොලිසිය යවනවා වගේ වැඩක්. අන්තිමට මේවා විහිළු වෙනවා. ඇත්තටම හොරු නම් එයා මොකා වුණත් නීතිය හමුවට ගෙනෙන්න ඕනෑ. එකට එකෙන්ම අපි එකඟයි...
පුද්ගලික පලිගැනීම් සහ මැතිවරණය අභියස බලයේ සිටින පක්‍ෂ අපහසුතාවට පත්කරන ක්‍රියා. මෙවැනි ලනු කීයක් පොලිසිය ගිල්ලද කියල පසුගිය දවස්වල පොලිසියම කියල තිබුන නොවේද? හංගපු වාහන ගැන එහෙම....
බනානා සුජි හදල තියෙන හන්තානෙ නිවස ගැනත් පරික්ෂා කරන්න, පරිසර නීති වලට විරුද්දව දේශපාලන බලය යොදා මෙම නිවස හැදූ බවටයි තොරතුරු ඇත්තෙ
දැන් ඕවට ඡන්දෙ දෙන්නේ නෑ . පව් ඉතිං මේගොල්ලෝ .. දන්න එකම සාත්තරේ නේ
දැන් ඔය කියන ඒව තිබුනද? හොරු අල්ලනව කිව්වට අනේ මන්ද.
බලදාරිනි මේවා පරික්ෂා කරන්න
ඔන්න රවී සහ ශානි දෙපලගේ වැඩ කිඩ. කෙහෙල් ගෙඩිද හෙව්වේ? ලැජ්ජ නැති වැඩ කරලා රට්ටු හිනස්සන්නෙ නැතුව ඔය ගොන් බාන ලිහල දාපල්ලා.
මුන්ගේ හැම ගේම බලන්න ඕන
කලබල වෙන්න එපා. මෙයාගෙත් තියෙනවා රට පුරා මන්දිර හෝටල පොලීසිය කියපු එකද සුජීව කියපු එකමද කවුද දන්නේ. මොනව උනත් මේක නිකන්ම කරපු දෙයක් වෙන්න බැහැ.