
(මනෝප්‍රිය ගුණසේකර)
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ උපාධි ප්‍රද්‍රානොත්සවයේ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
උපාධි ප්‍රදානෝත්සවයට ආරාධනා ලැබුණු බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය පසු අවස්ථාවක නිර්මාණය කළ එකක්ද යන්න හෙළිකර ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් උපාධි ප්‍රදානොත්සවයට ආරාධනා ලැබුණු බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කර මාස 03ක කාලයක් ගතවනතුරු ඉදිරිපත් නොකිරීම මත එය පසුව නිර්මාණය කළ ලිපයික්ද? යන්න පිළිබඳ සැකයක් මතුවන බවට ඉදිරිපත්වු කරුණු මත හම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය කළ නියමයට අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුහ හා, රනිල් කියන්නේ කොළඹ එලිට් සමාජයේ මනුස්සයෙක්. ආරාධනාපත්‍රයක් නැතිව හෝ ඇතිව යන එක ගැන මලිමාවුන්ට වෙනස තේරුම් ගන්න බැරි වුනාට රනිල් වගේ කෙනෙක්ට තේරෙනවා වෙනස. ඊළඟ කාරණේ එතකොට රනිල් ලංකාවේ ජනාධිපති...
ඔන්න රටේ දැවෙන ප්‍රශ්ණ . ඇත්තටම මුන්ට අමු කැවිලා
දැන්ද ඒක ගැන හොයන්නේ? ඒ කියන්නේ රනිල්ව රිමාන්ඩ් කරන තීන්දුව දීලා තියෙන්නේ හරි හමන් විමර්ෂණයක් කරලා නැතුවද? සැක සංකා තියාගෙනද රිමාන්ඩ් කලේ? සැකයේ වාසිය විත්තියටයි කියලා විශ්ව මූළධර්මයත් කඩ කරලාද?
හොරුන්ගේ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී අනුවාදය දැන් වළලනු ලැබ ඇත.බලය සහ තනතුර නොසලකා සියලු සොරුන්ට සහ මැරයන්ට එරෙහිව වත්මන් NPP රජය ගෙන යන ක්‍රියාමාර්ගයට අපි ජනතාව පක්ෂපාතී වෙමු. හොඳ වැඩක් AKD, මේ මුළු රටම මංකොල්ල කාපු වංචාකාරයින් සහ ඔවුන්ගේ හෙංචයියන් නීති මගින් දඬුවම් දෙන නිර්භීත CID ට අපේ සුබ පැතුම්. පෙර කිසිදු රජයක් යටතේ කිසිදු විටෙක වත් එය කල නොහැකි විය.
ඔය වගේ ලියුම් කොහොම පෙන්වන්න බැරිද? ඒ කාලේ ගෝඨාව බලයට ගේන්න කරපු දේවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.