(නිමල් ජයරත්න )
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.
පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයින් විසි දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් 23 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම ගවයින් රජයට අයත් සත්ව ගොවිපලකට භාර දෙන ලෙසට පොළොන්නරුව අධිකරණය වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයට නියෝග කර තිබිණි.
අධිකරණ නියෝග කඩකරමින් එම එළ ගවයින් ජාවාරම්කරුවන්ටම ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඊයේ ( 25 ) ඔහුගේ සියලු වත්කම් හා දේපොළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්සර් සදාක් මහතා පොලිසියට නියෝග කළේය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපොළ තහනම්
අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 09:36 AM
පරණ පුරුද්දට වැඩේ කරගෙන ගිහිල්ලා, සිස්ටම් එක වෙනස් වෙලා කියලා උන්දෑ නොදැන ඉදලා වගෙයි.
ජිල්බු Wednesday, 26 March 2025 09:41 AM
පුනරුප්පත්තිය ඇත්ත බවට තවත් සාධකයක්. හිටපු ඊජිප්තු ජනපති නැවත ඉපදිලා.