(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර සිටී.
කොළඹ වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නඩු පවරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ය .
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බැවින් ඊට එරෙහිව ගත හැකි සියලුම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීති අංශ දැනුම්වත් කර අවසන්ය.
කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැළසීම, වසර 40 ක් දක්වා බදු විරාම පැවරීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙලෙස නඩු පවරණ බව එජාප නීති අංශ පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව එජාපය නඩු මගට