
(රෝෂන් තුෂාර)
කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29)නිකුත් කළේය.
ඉන්දියාවට අයත් යැයි කියන( ARK PRESTIGE)ආක් ප්‍රෙස්ටීජ් නෞකාවේ කපිතාන් ඉන්දීය ජාතික රාජ් දෙව් යාදේව් නමැති අයට මෙම විදෙස් ගමන් තහනම පැනවිය.
කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසත්,තහනම් නියෝගය සම්බන්ධයෙන් කපිතාන්වරයා දැනුවත් කරන ලෙසත් දන්වා සිටියේය.
කොළඹ වරාය ඩොක්යාඩ් ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් අදාළ විමර්ශනය මේ වෙන විට සිදුකරගෙන යමින් පවතින බැවින් කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය මාසයකට බලපැවැත්වෙන පරිදි නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
80
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්
Capt S.k.Ratnasinga Thursday, 30 May 2024 12:13 AM
මුලින්ම කණගාටුයි අහන්න, සමුද්‍රීය ජාතියේ ලෝක මට්ටමේ බහාලුම් හබ් වරායකට එවැනි දේවල් කරන්න බැහැ අලුත්වැඩියා කිරීම සහ පිරිසිදු කිරීමේ මෙහෙයුමෙන්. තවදුරටත් ඉහලට හයිඩ්‍රොලික් බර ඉන්ධන ලෙස හානියක් නොවේ.පිරිසිදුකිරිමේ මෙහෙයුම පහසුයි. නැව තබා ගන්න, P සහ I වගකීම් සහතිකයක් ලබා ගන්න. කැප්ටන් අල්ලගෙන ඉඳලා වැඩක් නෑ. MLC 2006 සමුද්‍රීය කම්කරු සම්මුතිය ලෙස කපිතාන් අත්අඩංගුවට ගැනීමට ඉහලින් නාවිකයින්ට එරෙහිව අපරාධයක් විය හැක. මේ වගේ මෝඩ වැඩ කරන්න එපා, නැව් අලුත්වැඩියාවට එන්නේ නැහැ, නැත්තම් වරායේ. කොළඹ වරාය IMO,ITF වල blacklist වෙනවා. රටට ඇ.ඩො. විශේෂයෙන් ඉන්දියානුවන් නැව්ගත කිරීම පාලනය කරයි ප්‍රවේශම් වන්න
නිහාල් Thursday, 30 May 2024 02:55 AM
එහෙන් එක කෝල් එකයි එන්නේ කපිතාන් ගෙදර
පාඨකයෙක් Thursday, 30 May 2024 12:36 PM
සිංහල රජ කාලේ වගේ අමුඩයක් අන්දලා ඒ කප්පිත්තට ම භාර දෙන්න හලපු තෙල් සුද්ද කරන්න. එහෙම කරන්නත් ඉතින් නිවහල් රටක් තියෙන්න එපායැ. රට-රටවල්වලට පිං කැටේ දික් කරලා සල්ලි ඉල්ල ගත්තහම එහෙම කරන්නේ කොහොමද? අහෝ අපේ රට!