IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වර්ෂාවෙන් පුද්ගලයන් 1757ක් අමාරුවේ

(යොහාන් භාසුර)

අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 485 කට අයත් පුද්ගලයන් 1,757 ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලීමෙන් පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය කීය.

අධික වර්ෂා, දැඩි සුළං සහ ගංවතුර හේතුවෙන් එම පුද්ගලයන් ආපදාවට ලක්ව ඇති බවත් ඊයේ (29 වැනිදා) දැඩි වර්ෂාව සහ සුළං ආරම්භ වූ දිනයේ සිට මෙම පිරිස ආපදාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.

පුත්තලම, යාපනය, කිලිනොච්චිය, හම්බන්තොට, ගාල්ල, කළුතර, කොළඹ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් සහ දැඩි සුළගින් දැඩි බලපෑම් වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 168 කට අයත් පුද්ගලයන් 614 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 146 කට අයත් පුද්ගලයන් 486 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 79 කට අයත් පුද්ගලයන් 304 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 51 කට අයත් පුද්ගලයන් 204 ක් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවස දෙකක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවසක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවත් අපදාවට පත්ව සිටි දිස්ත්‍රික්කවල නිවාස 365 කට අර්ධ හානිවී ඇති බවත් එම මධ්‍යස්ථානය පැවසීය.

එම ආපදාවලින් පුද්ගලයන් 8 ක් තුවාල ලබා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. 



අදහස් (0)

වර්ෂාවෙන් පුද්ගලයන් 1757ක් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site