IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වරායේ රැකියාවක් දෙන්න අල්ලස් ගත් දෙදෙනාට ඇප

(රෝෂන් තුෂාර)

වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබා දීමට රුපියල් 245000  මුදලක් ලබා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  නිවාස ඉදි කිරීම්  හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියා හා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම  මහතා නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ කාර්යමණ්ඩලයේ සිටි ඉන්දික බණ්ඩාර විජයසුන්දර සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරී(මේ වන විට) මධූෂ දිලිපන ජයසූරිය සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට රුපියල් ලක්ෂය දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.

අල්ලස් ලෙස ලබාගත් රුපියල් දෙලක්ෂ හතලිස් පන්දහසක මුදලින්, රුපියල් 239,000 මුදලක් ආපසු පැමිණිලිකරුට පියවා තිබීම හේතුවෙන් මෙසේ ඇප නියම කළේය.

මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් 2019 සැප්තැම්බර් මස කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර,අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව සැකකරුවන් විසින් මුදල් ආපසු පියවා ඇති බව අල්ලස් කොමිසම කරුණු දක්වමින් පැවසීය.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්ට සහාය දැක්වීමටමට සැකකරුවන් කටයුතු කරන බවට හා මුදල් ආපසු ගෙවාඇති කරුණු සලකා බලා ඇප නියම කරන ලෙස  ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 23 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට.  නියෝග කළේය.



අදහස් (0)

වරායේ රැකියාවක් දෙන්න අල්ලස් ගත් දෙදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site